Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




පිලිප්පි 2:19 - සිංහල කාලීන පරිවර්තනය

19 ඉක්මනින් තිමෝති ඔබ වෙත එවීමට යේසුස් ස්වාමින්වහන්සේ තුළ මම බලාපොරොත්තු වෙමි. ඒ, ඔබ ගැන තොරතුරු දැන, මා ද දිරිමත් වන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඔබ ගැන තොරතුරු අසා ධෛර්ය වත් වන පිණිස, ජේසුස් ස්වාමීන් වහන්සේ කැමැති සේක් නම් තිමෝතියස් ඔබ වෙත නොපමා ව එවීමට මම බලාපොරොත්තු වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඔබ ගැන තොරතුරු අසා ධෛර්ය වත් වන පිණිස, ජේසුස් ස්වාමීන් වහන්සේ කැමැති සේක් නම් තිමෝතියස් ඔබ වෙත නොපමා ව එවීමට මම බලාපොරොත්තු වෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 මමත් නුඹලාගේ කාරණා දැන හොඳ සැනසිල්ල ලබන පිණිස නුඹලා ළඟට තිමෝතියස් නොබෝ කලකින් එවන්ට ස්වාමිවූ යේසුස්වහන්සේ තුළ බලාපොරොත්තුවෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




පිලිප්පි 2:19
22 හුවමාරු යොමු  

හැම තැන හැම සභාවකම මා උගන්වන පරිදි යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළ මා අනුගමන කරන ප්‍රතිපත්ති ඔබට නැවත මතක් කර දීමට ස්වාමින්වහන්සේ තුළ මා ප්‍රේමණීය, විශ්වාසවන්ත දරුවා වන තිමෝති මා ඔබ වෙත එවන්නේ එබැවිනි.


අපගේ සහෝදරයා හා ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පැතිරවීමේ දෙවියන්වහන්සේගේ හවුල් සේවකයා වූ තිමෝති ඔබ වෙත එවීමු. ඒ ඔබගේ ඇදහිල්ල තුළ ඔබ ධෛර්යවත් කර, ස්ථිරව සිටුවන්නට ය.


ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයින් වන පාවුල් හා තිමෝති වෙතින්, පිලිප්පියෙහි සභා නායකයින් සහ උපස්ථායකයින් ඇතුළු ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සියලු ශුද්ධවන්තයින් වෙතයි.


එබැවින් යළි ඔහු දැක්මෙන් ඔබ සතුටින් පිනා යන පිණිස හා මගේ කනස්සල්ල හීන වන පිණිස, ඔහු ආපසු එවීමට වඩ වඩා උනන්දු වෙමි.


එබැවින් ඔබ කිව යුත්තේ, “ස්වාමින්වහන්සේ කැමති සේක් නම්, අපි ජීවත් වී, එලෙස හෝ මෙලෙස හෝ කරන්නෙමු” යනුවෙනි.


මෙලෙස මා දැන් දුක් විඳින්නේ එනිසා ය. එහෙත් මා ලජ්ජා වන්නේ නැත. මන්ද මා අදහාගෙන සිටින්නේ කවුරුදැයි මා දන්නා බැවිනි. තවද මා උන්වහන්සේට භාර දුන් දෑ ඒ දවස දක්වා ආරක්ෂා කරන්නට උන්වහන්සේ සමත් බැව් මම ඒත්තු ගෙන සිටිමි.


සහෝදරයිනි, ඔබගේ ඇදහිල්ල වඩා බහුලව වර්ධනය වෙමින් පවත්නා නිසාත්, ඔබ හැම කෙනකු එකිනෙකා කෙරේ දක්වන ප්‍රේමය වැඩෙමින් පවත්නා නිසාත්, ඔබ ගැන නිබඳව දෙවියන්වහන්සේට ස්තුති දීම අපගේ යුතුකමකි; කළ යුත්තකි.


ඔබගේ ගැලවීමේ ශුභාරංචිය වන සත්‍යතාවේ වචනය ඔබ අසා, උන්වහන්සේ අදහාගත් කල, ඔබත් මුද්‍රා තබනු ලැබ ඇත්තේ, පොරොන්දු වූ ශුද්ධාත්මයාණන්ගෙනි.


මගේ හවුල් වැඩකරුවා වූ තිමෝතියස් ඔබට ආචාර කරයි. එසේම ලුසියස්, ජේසන් හා සොසිපාතර් යන මගේ නෑයෝ ඔබට ආචාර කරති.


නැවතත් යෙසායා මෙසේ කියයි, “ජාතීන්ට රජකම් කිරීමට නැගිටින, යෙස්සේගේ මුල වූ කෙනෙක් පැමිණෙනු ඇත. අන්‍ය-ජාතීන්ගේ බලාපොරොත්තුව උන්වහන්සේ තුළ වනු ඇත.”


ඔහුගේ නාමය තුළ ජාතීහු බලාපොරොත්තු තබනු ඇත.”


උන්වහන්සේ මළවුන්ගෙන් නැගිටුවා, උන්වහන්සේ තේජසට පත් කළ දෙවියන්වහන්සේ තුළ ඔබ ඇදහිලිවතුන් වන්නේ උන්වහන්සේ මඟිනි. ඒ, ඔබේ ඇදහිල්ලත්, බලාපොරොත්තුවත් දෙවියන්වහන්සේ තුළ වන පිණිස ය.


පාවුල් දර්බයටත් එතැනින් ලුස්ත්‍රාවටත් පැමිණියේ ය. ලුස්ත්‍රාවෙහි තිමෝති නම් ගෝලයෙක් විසී ය. ඔහුගේ මව යුදෙව් ජාතික ඇදහිලිවන්තියක වූ නමුදු පියා ග්‍රීකයෙකි.


එලෙසම ඔබත් මා සමඟ සතුටු විය යුතු ය; ප්‍රීති විය යුතු ය.


මේ හේතුව නිසා තවදුරටත් මෙය දරා සිටිය නො හැකි වූ කල්හි, ඔබගේ ඇදහිල්ල පිළිබඳ තතු විමසා බැලීමට මම තිමෝති පිටත් කර එව්වෙමි. ඒ, පරීක්ෂාකාරයා යම් ලෙසකින් ඔබ පරීක්ෂාවක හෙළා, ඔබ උදෙසා අප දැරූ වෙහෙස අපතේ යාදෝයි මා තැති ගත් නිසා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්