Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




පිලිප්පි 1:26 - සිංහල කාලීන පරිවර්තනය

26 මෙසේ, යළිත් මා ඔබ අතරට පැමිණීමෙන්, මා නිසා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වඩා උදම් ඇනීමට හේතුවක් ඔබට ලැබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 මෙලෙස, මා ඔබ වෙත නැවත පැමිණීම කරණකොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වැඩි වන ඔබගේ පාරට්ටුව මට ද භුක්ති විඳීමට හැකි වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 මෙලෙස, මා ඔබ වෙත නැවත පැමිණීම කරණකොටගෙන ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ වැඩි වන ඔබගේ පාරට්ටුව මට ද භුක්ති විඳීමට හැකි වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 මෙසේ වන්නේ, මා ගැන නුඹලාගේ පාරට්ටුකරගැන්ම නැවත නුඹලා වෙතට මාගේ ඊමෙන් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ වැඩිවෙන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




පිලිප්පි 1:26
14 හුවමාරු යොමු  

අප ගැන අසම්පූර්ණව ඔබ වටහා ගත් සේ ම, යේසුස් අප ස්වාමින්වහන්සේගේ දවසේදී අප ඔබ ගැන ආඩම්බර වන්නා සේ ම, ඔබත් අප ගැන ආඩම්බර වන පිණිස, ඔබ සම්පූර්ණයෙන්ම වටහාගනී කියායි.


අප නැවතත් අප ගැනම ඔබට රෙකමදාරු කරගන්නවා නො වේ. හදවතේ ඇති දෑට වඩා පිටස්තර දෑ ගැන උදම් වන්නන්ට පිළිතුරු දිය හැකි වන සේ, අප ගැන උදම් වීමට ඔබට ඉඩ සලසා දෙනවා පමණි.


ස්වාමින්වහන්සේ තුළ නිතර ප්‍රීතිවන්න. මම නැවත එයම කියමි: ප්‍රීතිවන්න!


මන්ද සැබෑ චර්මඡේදිතයෝ දෙවියන්වහන්සේගේ ආත්මයාණන් මඟින් නමස්කාර කරන, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ පාරට්ටු කරන, මාංසය කෙරේ විශ්වාසය නො තබන අපිම ය.


කලකට පසු මා ගැන ඔබගේ සැලකිල්ල අලුත්වීම ගැන ස්වාමින්වහන්සේ තුළ මම බෙහෙවින් ප්‍රීති වෙමි. ඇත්තෙන්ම කවදත් ඔබ මා ගැන සැලකිලිමත් වූ නමුදු, එය පෙන්නුම් කිරීමේ අවස්ථාවක් ඔබට ලැබුණේ නැත.


ඉදින් මා සහෝදරයිනි, ස්වාමින්වහන්සේ තුළ ප්‍රීතිවන්න! එකම දේ යළි යළිත් ඔබට ලිවීම මට කරදරයක් නො වේ. ඔබගේ පරෙස්සමටත් එය හොඳ ය.


එහෙත් පසුබටවූවන් සනසවන දෙවියන්වහන්සේ, අප සැනසුවේ තීතස්ගේ පැමිණීමෙනි.


මේ දක්වා මාගේ නාමයෙන් ඔබ කිසිවක්ම ඉල්ලා නැත. ඉල්ලන්න; එවිට ඔබට ලැබෙන්නේ ය. එසේ ඔබේ ප්‍රීතිය සම්පූර්ණ වන්නේ ය.


එසේම දැන් ඔබගේ ශෝකය තිබේ. එනමුත් මා යළි ඔබ දකින්නෙමි. එවිට ඔබගේ හදවත් ප්‍රීති වනු ඇත. ඔබගේ ප්‍රීතිය කිසිවකුත් ඔබෙන් පැහැර ගන්නේ නැත.


ඔබ ගැන බලවත් විශ්වාසයක් මට තිබේ. ඔබ ගැන මහත් ආඩම්බරයක් මට තිබේ. මා සිටින්නේ සැනසිල්ලෙන් පිරිලා ය. අපගේ සියලු පීඩාවලදීත්, මම උතුරා යන ප්‍රීතියෙන් යුක්තව සිටිමි.


ඔබ ගැන මා ඔහුට කර තිබූ පාරට්ටුව මා ලජ්ජාවට පත් කොට නැත. තවද අප ඔබට කී ලෙස සියල්ල සැබෑ වී, තීතස් ඉදිරියේ අප කළ පාරට්ටුව ද සත්‍යය වග ඔප්පු වී ඇත.


හැම කෙනකුම, තම ක්‍රියා කලාපය තමන්ම තක්සේරු කර ගනිත්වා; එවිට තමාම පාරට්ටු කර ගැනීමේ හේතුව තමන් තුළම ය; තම අසල්වැසියා තුළ නො වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්