Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගලාති 4:31 - සිංහල කාලීන පරිවර්තනය

31 එබැවින් සහෝදරයිනි, අප වහල් ළඳගේ දරුවෝ නො ව, නිවහල් ළඳගේ දරුවෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 එබැවින්, සහෝදරවරුනි, අපි වහල් ස්ත්‍රියකගේ නොව, නිවහල් ස්ත්‍රියකගේ දරුවෝ වෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 එබැවින්, සහෝදරවරුනි, අපි වහල් ස්ත්‍රියකගේ නොව, නිවහල් ස්ත්‍රියකගේ දරුවෝ වෙමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 එබැවින්, සහෝදරයෙනි, අපි දාසියෙකුගේ නොව නිර්දාසියගේ දරුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 4:31
8 හුවමාරු යොමු  

එබැවින් පුත්‍රයා ඔබ නිදහස් කරයි නම්, ඔබ සැබවින් ම නිදහස් වෙයි.


මන්ද ආබ්‍රහම්ට පුතුන් දෙදෙනකු සිටි වග ලියා තිබේ; කෙනෙක් වහල් ළඳගෙනි; අනෙක් කෙනා නිවහල් ළඳගෙනි.


එහෙත් ශුද්ධ ලියවිල්ල කුමක් කියන්නේ ද? “වහලියත්, ඇගේ පුත්‍රයාත් පන්නා දමනු. මන්ද වහල් ළඳගේ පුත්‍රයා, නිවහල් ළඳගේ පුත්‍රයා සමඟ උරුමය ලබන්නේ නැත” යන්නයි.


ක්‍රිස්තුස්වහන්සේ අප නිදහස් කළේ නිවහල්ව සිටීමට ය. එබැවින් ස්ථාවරව සිටගන්න; වහල් බවේ වියගහට යළි යට නො වන්න.


මන්ද, මා සහෝදරයිනි, ඔබ කැඳවනු ලැබ ඇත්තේ නිදහස්කමට ය. එහෙත් ඒ නිදහස මාංසය පිනවීමට නො ව, එකිනෙකාට ප්‍රේමයෙන් සේවය කිරීමට යොදන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්