Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගලාති 3:18 - සිංහල කාලීන පරිවර්තනය

18 මන්ද උරුමය එන්නේ දහම් නීතිය මඟින් නම්, තවදුරටත් එය පොරොන්දුවෙන් නො වේ. එහෙත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට එය දුන්නේ පොරොන්දුවකිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 උරුමයක් හිමි වන්නේ ව්‍යවස්ථාවෙන් නම්, එය පොරොන්දුවේ ප්‍රතිඵලයක් නොවේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඒ උරුමය දුන්නේ පොරොන්දුවක් අනුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 උරුමයක් හිමි වන්නේ ව්‍යවස්ථාවෙන් නම්, එය පොරොන්දුවේ ප්‍රතිඵලයක් නොවේ. දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට ඒ උරුමය දුන්නේ පොරොන්දුවක් අනුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 මක්නිසාද උරුමය ව්‍යවස්ථාවෙන් වේ නම් තවත් පොරොන්දුවෙන් නොවේ. නුමුත් දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට ඒක දුන්නේ පොරොන්දුවෙන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 3:18
14 හුවමාරු යොමු  

දෙවියන්වහන්සේගේ අනුග්‍රහය මම නිෂ්ප්‍රභා නො කරමි. මන්ද ධර්මිෂ්ඨකම දහම් නීතිය මඟින් ලද හැකි වී නම්, ක්‍රිස්තුස්වහන්සේ මැරුණේ නිකරුණේ ය!”


ඔබ, ක්‍රිස්තුස්වහන්සේට අයිති නම්, ඔබ ආබ්‍රහම්ගේ වංශය ය. පොරොන්දුවට අනුව උරුමකරුවෝ ය.


දරුවෝ උරුමකරුවෝ ය; දෙවියන්වහන්සේගේ උරුමකරුවෝ ය; ක්‍රිස්තුස්වහන්සේ සමඟ හවුල් උරුමකරුවෝ ය; එසේ වන්නේ, උන්වහන්සේ සමඟ තේජසට පමුණුවනු ලබන පිණිස, උන්වහන්සේ සමඟ දුක් විඳීමට හවුල් වීමෙන් ය.


මන්ද ඔබ හැම ඇදහිල්ල මඟින් ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ පුත්‍රයින් ය.


පොරොන්දු පවසන ලද්දේ ආබ්‍රහම්ට හා ඔහුගේ වංශයට ය. “ඔහුගේ වංශ” යනුවෙන් බොහෝ දෙනකු යන අරුතින් නො ව, එක් කෙනකු යන අරුතින් “ඔබගේ වංශයට” යනුවෙනි. ඒ ක්‍රිස්තුස්වහන්සේ ය.


දහම් නීතිය ඇදහිල්ලෙන් නො වේ; ඊට වෙනස් ය. “ඒ දෑ කරන තැනැත්තා එයින් ජීවත් වන්නේ ය.”


මන්ද දහම් නීති ක්‍රියා මත යැපෙන සියල්ලන් ශාපයකට යටත් ය, මන්ද: “දහම් නීති පොතේ ලියන ලද සියලු දේහි පැවත නො සිටින, ඒවා නො පිළිපදින හැම කෙනෙක්ම ශාප ලද්දෙකි” යි ලියා තිබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්