Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගලාති 3:15 - සිංහල කාලීන පරිවර්තනය

15 එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක් ගතහොත්, සහෝදරයිනි, මිනිසුන් අතරේ යම් ගිවිසුමක් ස්ථිර කරන ලද පසු, එය අවලංගු කිරීම හෝ ඊට යමක් එකතු කිරීම හෝ කළ නො හැක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

15 සහෝදරවරුනි, මම එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක් දක්වමි. යම් කෙනෙකුගේ ගිවිසුම් පත්‍රයක් ස්ථීර කරනු ලැබූ පසු, වෙන කෙනෙකුට එය අවලංගු කරන්න වත්, ඊට යමක් එකතු කරන්න වත් බැරි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 සහෝදරවරුනි, මම එදිනෙදා ජීවිතයෙන් උදාහරණයක් දක්වමි. යම් කෙනෙකුගේ ගිවිසුම් පත්‍රයක් ස්ථීර කරනු ලැබූ පසු, වෙන කෙනෙකුට එය අවලංගු කරන්න වත්, ඊට යමක් එකතු කරන්න වත් බැරි ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 සහෝදරයෙනි, මම මනුෂ්‍යාකාරයෙන් කථාකරමි. මනුෂ්‍යයෙකුගේ ගිවිසුම්පත්‍රයක් වුවත් ස්ථිරවී නම්, කිසිවෙක් එය අවලංගුකරන්නේවත් ඊට කිසිවක් එකතුකරන්නේවත් නැත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 3:15
10 හුවමාරු යොමු  

එදවස්හි එකසිය විසි දෙනකුගෙන් පමණ සමන්විත සහෝදරයින් අතරේ නැගී සිටගත් පේතෘස් කතා කරමින්,


සහෝදරයිනි, අන් ජාතීන් අතරේ මා ලැබූ ලෙස, ඔබ අතරදී ද යම් අස්වැන්නක් ලබන්නට, ඔබ වෙත එන්නට මා කීප විටක් සැලසුම් කළ නමුදු, මේ වන තෙක්ම එය වළක්වනු ලැබූ වග ඔබ දැන ගන්නවාට කැමතියි.


අපගේ අධර්මිෂ්ඨකම මඟින් දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම ප්‍රදර්ශන කෙරේ නම්, අපට කිව හැක්කේ කුමක් ද? (මානව තර්කයෙන් කිවහොත්) උදහසේ දඬුවම පැමිණවීමට දෙවියන්වහන්සේ අසාධාරණ ද?


මානව නිදර්ශනවලින් මා ඔබට කතා කරන්නේ, ඔබගේ ස්වාභාවික දුර්වලතා නිසා ය. මන්ද කලක් ඔබ ඔබගේ අවයව අපවිත්‍රතාවේ වහල්කමටත්, වඩ වඩා නොපනත්කමට දිවෙන නොපනත්කමටත් වහලුන් සේ බාර දී තිබූ සේ, දැන් ඔබේ අවයව ශුද්ධවත් භාවයට දිවෙන ධර්මිෂ්ඨකමේ වහලුන් කොට බාර දෙන්න.


එපීසයේදී මා වන මෘගයින් සමඟ පොර බැදුවේ හුදු මිනිස් පෙලඹවීමෙන් නම්, මට එයින් ලැබෙන්නේ කුමක් ද? මළවුන් නැගිටුවනු නො ලැබේ නම්, “හෙට අප මියෙන බැවින්, අද අපි කමු; බොමු.”


සහෝදරයිනි, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේගේ අනුග්‍රහය ඔබගේ ආත්මය සමඟ පවතීවා! ආමෙන්.


දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දු වන කල, දිවුරුම් දීමට තමන්වහන්සේට වඩා උතුම් කෙනෙක් නො වූ බැවින් තමන්ම ගැන දිවුරමින්,


මන්ද මිනිසුන් තමනට වඩා උසස් කෙනකු ගැන දිවුරමින් දෙන දිවුරුමෙන් ඔවුන්ගේ වාද භේද සියල්ල සමථයට පත් වේ.


අන්තිම කැමැත්ත බල පැවැත් වෙන්නේ මරණයෙන් පසුව පමණි. එය ලියූ අය ජීවත්ව සිටින තෙක් එය වලංගු නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්