Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




කොලොස්සි 1:14 - සිංහල කාලීන පරිවර්තනය

14 අපගේ මිදීම වන අපගේ පාපවලට කමාව අපට ඇත්තේ එම පුත්‍රයාණන් තුළ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 උන් වහන්සේ විමුක්තිය ද පව් කමාව ද අපට ප්‍රදානය කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 උන් වහන්සේ විමුක්තිය ද පව් කමාව ද අපට ප්‍රදානය කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 උන්වහන්සේ තුළ අපගේ මිදීම වන, පව්වලට කමාව අපට තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




කොලොස්සි 1:14
32 හුවමාරු යොමු  

උන්වහන්සේ තුළ උන්වහන්සේගේ ලේ මඟින් අපට මිදීම වන අපගේ පාපවලට කමාව ඇත්තේ, දෙවියන්වහන්සේගේ අනුග්‍රහයේ ඉසුරුමත් බවට අනුකූලව ය.


සැබවින් ම, දහම් නීතිය යටතේ හැම දෙයක්ම ලෙයින් පවිත්‍ර කරනු ලැබිණ; ලේ වැගිරීමකින් තොරව, පාප කමා කිරීමක් ද නැත.


ශුද්ධස්ථානයට ඇතුළු වූයේ, එළු ලේ හා ගව ලේ මඟින් නො ව, තමන්වහන්සේගේ ලේ මඟින් සදාතන මිදීම සලසමින්, සදහට ම එක් වරක් පමණි.


ඔවුහු අලුත් ගීයක් ගැයූහ: “සුදුසුයි ඔබ පොත ගන්නට, හා එහි මුද්‍රා අරින්නට, මන්ද ඔබ මරන ලද නිසා ඔබගේ ලෙයින් වන්දි ගෙවා, හැම ගෝත්‍රයකින් හා භාෂාවකින් ද හැම ජනතාවකින් හා ජාතියකින් ද, මිනිසුන් දෙවියන්වහන්සේට මිලයට ගෙන,


මන්ද: “ගසක එල්ලන ලද හැම කෙනෙක්ම ශාප ලද්දෙකි” යි ලියා ඇති ලෙස, ක්‍රිස්තුස්වහන්සේ අප උදෙසා ශාපය වෙමින්, දහම් නීතියේ ශාපයෙන් අප මුදා ගත්තේ,


එසේම මනුෂ්‍ය පුත්‍රයාණන් සේවය ලබන්නට නො ව, සේවය කිරීමටත්, බොහෝ දෙනා උදෙසා වන්දියක් වශයෙන් තම ජීවිතය දීමටත් පැමිණියේ යැ” යි පැවසූ සේක.


විශ්වාසී සාක්ෂිකරුවාණන්, මළවුන්ගෙන් නැගිටි කුලුඳුලාණන් හා පොළොවේ රජුන්ගේ පාලකයාණන් වූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගෙන් ද අත් වේවා! අපට ප්‍රේම කරන, ස්වකීය ලෙයින් අපගේ පවින් අප මිදූ,


දෙවියන්වහන්සේට මිහිරි සුවඳක් හා යාගයක්ව අප උදෙසා තමන්ම පරිත්‍යාග වෙමින්, ක්‍රිස්තුස්වහන්සේ අපට ප්‍රේම කළ සේ ප්‍රේමයේ ජීවිතයක් ගත කරන්න.


අපගේ පාප උදෙසා වන්දි මිලය ගෙවීමේ පූජාව උන්වහන්සේ ය. අප උදෙසා පමණක් නො වේ; මුළු ලෝකයාගේම පාප උදෙසා ය.


මන්ද ක්‍රිස්තුස්වහන්සේ පාප උදෙසා එක් වරක් මැරුණු සේක. ධර්මිෂ්ඨ තැනැන්වහන්සේ අධර්මිෂ්ඨයින් උදෙසා එසේ කළේ, දෙවියන්වහන්සේ වෙත අප පමුණුවන පිණිස ය. උන්වහන්සේ මාංසයෙන් මරණයට පත් කරනු ලැබූ නමුදු ආත්මයෙන් ජීවනයට ගෙනෙනු ලැබූ සේක්,


මා ඔබට ලියන්නේ ප්‍රිය දරුවනි, උන්වහන්සේගේ නාමය නිසා, ඔබගේ පාප කමා කරනු ලැබ ඇති බැවිනි.


සියලු දුෂ්ටකම්වලින් අප මුදනු පිණිසත්, යහපත් ක්‍රියාවන් කිරීමට උද්යෝගී, තමන් සන්තකවූත් ජනතාවක් කොට අප පවිත්‍ර කර ගනු පිණිසත් උන්වහන්සේ අප උදෙසා තමන්ම දුන් සේක.


එයට නියමිත කාලයේ වූ සාක්ෂිය වශයෙන්, උන්වහන්සේ සියල්ලන් උදෙසා මිදීමේ මිලයක්ව තමන්ම කැප කළ සේක.


ඔබගේ වරද හේතු කොට හා චර්මඡේද්‍ය නො වූ මාංසයේ සිටීම හේතු කොට ඔබ මැරී සිටියදී දෙවියන්වහන්සේ ඔබ ක්‍රිස්තුස්වහන්සේ සමඟ ජීවනයට පැමිණවූ සේක. අපගේ හැම පාපයකටම උන්වහන්සේ අපට සමාව දුන්නේ,


ක්‍රිස්තුස්වහන්සේ තුළ දෙවියන්වහන්සේ ඔබට කමා වූ අයුරින්, ඔබත් එකිනෙකාට කමා කරමින්, එකිනෙකාට කරුණාවෙන් හා දයානුකම්පාවෙන් සලකන්න.


තමන් ගැනත් වගබලා ගනිමින්, ශුද්ධාත්මයාණන්වහන්සේ ඔබ නායකයින් බවට පත් කරමින්, බාර දී ඇති බැටළු රැළ රැක-බලාගන්න. ස්වකීය ලෙයින් උන්වහන්සේ මිලයට ගත් දෙවියන්වහන්සේගේ සභාවේ එඬේරවරුන් වන්න.


සියලු දිවැසිවරුන් සාක්ෂි දරා ඇත්තේ, උන්වහන්සේ අදහා ගන්නා හැම කෙනකුටම උන්වහන්සේගේ නාමය තුළින් පාප කමාව ලැබෙන වග යැ” යි පැවසී ය.


එකිනෙකා ගැන ඉවසීමෙන් කටයුතු කරන්න; යම් කෙනකුට එරෙහිව තවත් කෙනකුට යම් පැමිණිල්ලක් ඇතත්, එකිනෙකාට සමාව දෙමින්, ස්වාමින්වහන්සේ ඔබට කමා කළ අයුරින් ඔබත් කමා වන්න.


පේතෘස් ඔවුන්ට පිළිතුරු දෙමින්, “පසුතැවිලි වන්න; පව් කමාව ලබන්නට ඔබ හැම කෙනෙක්ම යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ නාමයෙන් බව්තීස්ම ලබන්න. එවිට ශුද්ධාත්මයාණන් දීමනාව ඔබටත් ලැබේ.


අප, අපගේ පාප, පාපොච්චාරණ කරනවා නම්, අපගේ පාප කමා කරන්නටත්, අපගේ සියලු අධර්මිෂ්ඨකමින් අප පවිත්‍ර කරන්නටත් උන්වහන්සේ විශ්වාසී ය; යුක්ති සහගත ය.


අන්ධකාරයෙන් ආලෝකයටත්, සාතන්ගේ බලයෙන් දෙවියන්වහන්සේ වෙතත් ඔවුන් හරවන්නට ඔවුන්ගේ ඇස් පාදන පිණිසයි. එමඟින් ඔවුන් පාප කමාව ද මා අදහා ගැනීම තුළින් පවිත්‍ර කරනු ලැබූවන් අතරේ ස්ථානයක් ද ලබන පිණිස යැ’ යි පැවසූ සේක.


ස්ත්‍රීන් වෙතින් තමන් කිලිටි කර නො ගත්තෝ ඔවුහු ය. මන්ද ඔවුහු බ්‍රහ්මචාරීහු ය. බැටළු පැටවාණන් යන කොතැනක වුව, උන්වහන්සේ අනුව යන්නෝ ඔවුහු ය. දෙවියන්වහන්සේට හා බැටළු පැටවාණන්ට නාඹුල් පල වන පිණිස, මොවුහු මිනිස් වර්ගයා වෙතින් මිලක් ගෙවා මුදා ගනු ලැබුවාහු වෙති.


එවිට ඔවුන්ගේ ඇදහිල්ල දුටු යේසුස්වහන්සේ, “මිත්‍රය, ඔබේ පාප කමා කරන ලදැ” යි පැවසූ සේක.


දෙවියන්වහන්සේ කරණකොටගෙන ඔබ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ සිටින්නහු ය. අපගේ ප්‍රඥාවත්, ධර්මිෂ්ඨකමත්, අපගේ පවිත්‍රතාව හා අපගේ මිදීමත් ක්‍රිස්තුස්වහන්සේම බවට පත් කළේ ද දෙවියන්වහන්සේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්