Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 9:8 - සිංහල කාලීන පරිවර්තනය

8 සාවුල් බිමින් නැගිට්ටේ ය. ඔහු ඇස් ඇරිය නමුත් කිසිවක් ඔහුට පෙනුණේ නැත. එනිසා ඔවුහු ඔහුගේ අතින් අල්ලාගෙන, දමස්කය වෙත ගෙන ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 සාවුල් නැඟිට ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත. ඔව්හු ඔහු අතින් අල්ලාගෙන දමස්කයට ගෙන ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 සාවුල් නැඟිට ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත. ඔව්හු ඔහු අතින් අල්ලාගෙන දමස්කයට ගෙන ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 සාවුල් බිමෙන් නැගිට තමාගේ ඇස් ඇරිය කල, ඔහුට කිසිවක් පෙනුණේ නැත; ඔව්හු ඔහුගේ අත අල්ලා දමස්කයට ගෙනගියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 9:8
10 හුවමාරු යොමු  

මෙන්න, දැන් ස්වාමින්වහන්සේගේ හස්තය නුඹට එරෙහිව, නුඹ අන්ධ වනු ඇත; කලකට හිරු එළිය දකින්නට නුඹට නො හැකි වනු ඇතැ” යි කීවේ ය. එකෙණෙහිම ඇස් පටලයකින් ද අන්ධකාරයකින් ද ඔහුගේ ඇස් වැසිණි. එවිට ඔහු තමාට කනවැල අල්ලන්නට කෙනකු සොයමින් එතැන මෙතැන ගියේ ය.


මගේ සහායකයින් මගේ අතින් අල්ලාගෙන, දමස්කය වෙත මා ගෙන ගියා. මන්ද, ඒ ආලෝකයේ කාන්තියෙන් මගේ ඇස් අන්ධ වුණා.


එසැණේම සාවුල්ගේ දෙනෙතින් කොරපොතු වැනි යමක් වැටිණි; යළිත් ඔහුට පෙනීම ලැබිණි. ඔහු නැගිට්ටේ ය; බව්තීස්ම කරනු ලැබුවේ ය.


දවස් තුනක් අන්ධව සිටි ඔහු කිසිවක් කෑවේවත්, බීවේවත් නැත.


දමස්කයේදී අරෙතස් රජු යටතේ වූ ආණ්ඩුකාරයා මා සිරබාරයට ගන්නා පිණිස පුරවරය පුරා මුර යොදා තිබිණ.


මට කලින් අපෝස්තුලුවරුන්ව සිටි අය දකින්නට මා යෙරුසලම් වෙත ගියේ ද නැත. මම අරාබියට ගොස්, පසුව දමස්කය වෙත ආපසු ආවෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්