Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 9:1 - සිංහල කාලීන පරිවර්තනය

1 මේ අතර සාවුල් තවදුරටත් ස්වාමින්වහන්සේගේ ගෝලයින්ට එරෙහිව මරණ තර්ජන කරමින් හැසුරුණේ ය. ඔහු උත්තම පූජකයා වෙත ගොස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 එකල සාවුල් තවදුරටත් ස්වාමීන් වහන්සේගේ ශ්‍රාවකයන් මරාදමන පිණිස ඔවුන්ට විරුද්ධ ව තර්ජනය කරමින් සිටියේ ය. ඔහු උත්තම පූජකයා වෙත ගොස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 එකල සාවුල් තවදුරටත් ජේසුස් සමිඳාණන් වහන්සේගේ ශ්‍රාවකයන් මරාදමන පිණිස ඔවුන්ට විරුද්ධ ව තර්ජනය කරමින් සිටියේ ය. ඔහු උත්තම පූජකයා වෙත ගොස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 නුමුත් සාවුල් තව දුරටත් ස්වාමීන්වහන්සේගේ ගෝලයන්ට විරුද්ධව තර්ජනයකරමින්ද, ඔවුන් මරමියි කියමින්ද, උත්තම පූජකයා වෙතට ගොස්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 9:1
10 හුවමාරු යොමු  

නගරයෙන් පිටතට ඔහු ඇදගෙන ගොස්, ඔහුට ගල් ගැසූහ. සාක්ෂිකරුවෝ තම වස්ත්‍ර සාවුල් නම් වූ තරුණයකු භාරයේ තැබූහ.


එහෙත් සාවුල් ගෙයක් ගෙයක් පාසා යමින්, පුරුෂයින් මෙන්ම ස්ත්‍රීන් ද අල්ලා, සිර ගෙදරට බාර දෙමින් සභාව විනාශ කරන්නට වන්නේ ය.


මන්ද අපෝස්තුලුවරුන් අතරින් ඉතාම සුළු තැනැත්තා මා ය; දෙවියන්වහන්සේගේ සභාවට පීඩා කළ බැවින්, අපෝස්තුලුවරයෙකැයි කියනු ලබන්නටවත් මම නො වටිමි.


මන්ද යූදා දහමේ සිටියදී මගේ කල් ක්‍රියාව ගැන, කොතෙක් සැහැසි ලෙස මා දෙවියන්වහන්සේගේ සභාවට පීඩා කළේ ද එය විනාශ කිරීමට කොතෙක් වැර දැරුවේ ද කියා ඔබ අසා ඇති.


උද්යෝගයට අනුව නම් සභාවට පීඩා කළ කෙනෙක්මි; දහම් නීතියෙන් පිළිගැනෙන ධර්මිෂ්ඨකමට අනුව නම් දෝෂ නැති කෙනෙක්මි.


ඉහතදී මා උන්වහන්සේට එරෙහි දේවාපහාසිකයකු, හිංසකයකු හා සැහැසි විරුද්ධවාදියකුව සිටියදී ය; එහෙත්, එකල මා ක්‍රියා කළේ නො දැනුවත්කමින් හා මිථ්‍යා දෘෂ්ටිකව බැවින් මම දයාව ලදිමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්