Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 8:3 - සිංහල කාලීන පරිවර්තනය

3 එහෙත් සාවුල් ගෙයක් ගෙයක් පාසා යමින්, පුරුෂයින් මෙන්ම ස්ත්‍රීන් ද අල්ලා, සිර ගෙදරට බාර දෙමින් සභාව විනාශ කරන්නට වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 එහෙත් සාවුල් ගෙදරින් ගෙදරට ගොස්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද අල්ලා හිරභාරයට ගනිමින්, සභාව වනසන්නට දිරි දැරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එහෙත් සාවුල් ගෙදරින් ගෙදරට ගොස්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද අල්ලා හිරභාරයට ගනිමින්, සභාව වනසන්නට දිරි දැරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 නුමුත් සාවුල් සියලු ගෙවලට වැද, පුරුෂයන්ද ස්ත්‍රීන්ද ඇදගෙන ගොස් හිර ගෙට භාරදෙමින්, සභාව නාස්තිකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 8:3
13 හුවමාරු යොමු  

ඉහතදී මා උන්වහන්සේට එරෙහි දේවාපහාසිකයකු, හිංසකයකු හා සැහැසි විරුද්ධවාදියකුව සිටියදී ය; එහෙත්, එකල මා ක්‍රියා කළේ නො දැනුවත්කමින් හා මිථ්‍යා දෘෂ්ටිකව බැවින් මම දයාව ලදිමි.


උද්යෝගයට අනුව නම් සභාවට පීඩා කළ කෙනෙක්මි; දහම් නීතියෙන් පිළිගැනෙන ධර්මිෂ්ඨකමට අනුව නම් දෝෂ නැති කෙනෙක්මි.


මන්ද යූදා දහමේ සිටියදී මගේ කල් ක්‍රියාව ගැන, කොතෙක් සැහැසි ලෙස මා දෙවියන්වහන්සේගේ සභාවට පීඩා කළේ ද එය විනාශ කිරීමට කොතෙක් වැර දැරුවේ ද කියා ඔබ අසා ඇති.


මන්ද අපෝස්තුලුවරුන් අතරින් ඉතාම සුළු තැනැත්තා මා ය; දෙවියන්වහන්සේගේ සභාවට පීඩා කළ බැවින්, අපෝස්තුලුවරයෙකැයි කියනු ලබන්නටවත් මම නො වටිමි.


“මා ඊට පිළිතුරු දෙමින්, ‘ස්වාමින්වහන්ස, ඔබවහන්සේ අදහාගත්තවුන් සිරබාරයට ගනිමින්, ඔවුන්ට තළා පෙළමින්, සිනගෝගයෙන් සිනගෝගයට මා ගිය අයුරු මේ මිනිසුන් හොඳින්ම දන්නවා.


ඔහු එලෙස කතා කරනු ඇසූ සියල්ලෝ මවිත වී, “මේ නාමයට හඬගසන්නන්ට යෙරුසලමේදී මහ විනාශයක් කළේ මේ මිනිහා නො වේ ද? මොහු මෙහි ආවේත්, ඔවුන් සිරබාරයට ගෙන, නායක පූජකයින් වෙත ගෙන යෑමට නො වේ දැ?” යි ඇසූහ.


නගරයෙන් පිටතට ඔහු ඇදගෙන ගොස්, ඔහුට ගල් ගැසූහ. සාක්ෂිකරුවෝ තම වස්ත්‍ර සාවුල් නම් වූ තරුණයකු භාරයේ තැබූහ.


එහෙත් ඔබ, දිළිඳාට අවමන් කර ඇත. ඔබට පීඩා පමුණුවන්නේත්, උසාවි කරා ඔබ ඇදගෙන යන්නෙත් ධනවතුන්ම නො වේ ද?


භක්තිවන්ත මනුෂ්‍යයෝ ස්තේපන් භූමදාන කර, ඔහු ගැන බෙහෙවින් ශෝක වූහ.


එවිට ඇගේ හාම්පුත්තු, ලාභ ඉපැයීමේ තම බලාපොරොත්තු ගිලිහී ගිය බැව් දැක, පාවුල් හා සීලස් බලෙන්ම අල්ලා, වෙළඳ පොළට ඇදගෙන ගොස්, නිසි බලධාරීන් වෙත පැමිණ වූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්