Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 7:44 - සිංහල කාලීන පරිවර්තනය

44 “කාන්තාරයේදී අපේ පියවරුන් සමඟ සාක්ෂි මණ්ඩපය තිබිණි. එය සාදා තිබුණේ මෝස‍ෙස්ට කතා කළ තැනැන්වහන්සේ පෙන්වූ පරිදි ඔහු දුටු ආකෘතියට අනුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 “අපේ පියවරුන්ට කාන්තාරයෙහි සාක්ෂි මණ්ඩපය තිබුණේ ය. එය සාදන ලද්දේ, දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට පෙන්වන ලද සැලැස්ම අනුව, ඔහු සමඟ කතා කළ තැනැන් වහන්සේ නියම කළ ලෙසට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 “අපේ පියවරුන්ට කාන්තාරයෙහි සාක්ෂි මණ්ඩපය තිබුණේ ය. එය සාදන ලද්දේ, දෙවියන් වහන්සේ විසින් මෝසෙස්ට පෙන්වන ලද සැලැස්ම අනුව, ඔහු සමඟ කතා කළ තැනැන් වහන්සේ නියම කළ ලෙසට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

44 තමා දුටුවාවූ ආදර්ශය මෙන් සාක්ෂියේ කූඩාරම සාදන්ට මෝසෙස්ට කී තැනන්වහන්සේ නියමකළ ලෙස අපගේ පියවරුන්ට ඒක වනයෙහි තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 7:44
17 හුවමාරු යොමු  

මිනිසා විසින් නො ව, ස්වාමින්වහන්සේ විසින් පිහිටු වන ලද සැබෑ කූඩාරම් ශුද්ධස්ථානයේ උන්වහන්සේ මෙහෙවරෙහි යෙදෙන බවයි.


ස්වර්ගීය දේවල අනුරූපයකට හා ඡායාවකට ඔවුහු සේවය කරති. මන්ද මෝසෙස් කූඩාරම හදන්නට යද්දී: “කන්දේදී ඔබට පෙන්වූ සැලැස්මට අනුව හැම දේම හදන්නට වගබලා ගන්නැ” යි ඔහු දෙවියන්වහන්සේගෙන් උපදෙස් ලැබී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්