Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 7:36 - සිංහල කාලීන පරිවර්තනය

36 ඊජිප්තුවෙන් පිටතට ඔවුන් ගෙන ආ ඔහු ඊජිප්තුවේදීත්, රතු මුහුදේදීත්, පුරා හතළිස් වසරක් තුළ පාළුකරයේදීත් හාස්කම් ද අනුහස් ලකුණු ද පෑවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

36 මිසරයෙහිදීත්, රතු මුහුදේදීත්, සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි පාළුකරයේදීත්, හාස්කම් ද අරුමපුදුම දේ ද කර ඔවුන් පිටතට ගෙන ගියේත් මේ මෝසෙස් ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 මිසරයෙහිදීත්, රතු මුහුදේදීත්, සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි පාළුකරයේදීත්, හාස්කම් ද අරුමපුදුම දේ ද කර ඔවුන් පිටතට ගෙන ගියේත් මේ මෝසෙස් ම ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

36 මිසරයෙහිදීත් රතු මුහුදේදීත් සතළිස් අවුරුද්දක් මුළුල්ලෙහි කාන්තාරයේදීත් පුදුමද හාස්කම්ද කොට මේ මනුෂ්‍යයා ඔවුන් පිටතට ගෙනගියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 7:36
38 හුවමාරු යොමු  

එය, ඊජිප්තු දේශයෙන්, ඔවුන් පිටතට ගෙනෙන පිණිස, මා ඔවුන්ගේ පියවරුන්ගේ අතින් අල්ලාගෙන, ඔවුන් සමඟ කළ ගිවිසුම වගේ නො වේ. මන්ද ඔවුන් දිගටම මාගේ ගිවිසුමේ පැවතුණේ නැත. එබැවින් මමත් ඔවුන් නො සලකා හැරියෙමියි, ස්වාමින්වහන්සේ ප්‍රකාශ කරන සේක.


උන්වහන්සේ වසර හතළිහක් පමණ කාන්තාරයේ ඔවුන්ගේ ගති පැවතුම් ඉවසූ සේක.


එබැවින් දෙවියන්වහන්සේ ඔවුන් වෙතින් ඉවත හැරී, ග්‍රහ-තරු වන්දනාවට ඔවුන් අත්හළ සේක. ඒ ගැන දිවැසිවරුන්ගේ පොතේ මෙසේ සඳහන් වෙයි: “ ‘එම්බා ඉශ්‍රායෙල් වංශය, පුරා හතළිස් වසරක් කාන්තාරයේදී නුඹලා මා වෙත යාග පූජා ගෙන ආවා ද?


යේසුස්වහන්සේ ඔහු අමතා, “අනුහස් ලකුණු හා පුදුම දුටුවොත් මිස, ඔබට විශ්වාස කරන්න බැහැ නො වේ දැ? යි ඇසූ සේක.


කාන්තාරයේ පරීක්ෂා දවසේ, කැරැල්ලේදී වූවාක් මෙන්, ඔබේ හදවත් දැඩි කර නො ගන්න.


එහිදී ඔබේ පියවරු මා පරීක්ෂා කරමින්, මා සෝදිසි කර, මා කළ ක්‍රියා, හතළිස් වසරක්ම දුටුවහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්