Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 7:3 - සිංහල කාලීන පරිවර්තනය

3 ‘ඔබේ රටත්, ඔබේ නෑසියනුත් අතහැර, මා ඔබට පෙන්වා දෙන දේශයට යන්නැ’ යි පැවසූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ‘ඔබේ රටින් ද ඥාතීන්ගෙන් ද වෙන් වී මා ඔබට පෙන්වන දේශයට එන්නැ’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ‘ඔබේ රටින් ද ඥාතීන්ගෙන් ද වෙන් වී මා ඔබට පෙන්වන දේශයට එන්නැ’යි වදාළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 නුඹේ දේශයෙන්ද නෑයන් කෙරෙන්ද තුරන්ව, මා නුඹට පෙන්වන දේශයට එවයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 7:3
11 හුවමාරු යොමු  

ආබ්‍රහම් කැඳවනු ලැබූ කල, කීකරුව, කොහි යන්නේ ද පවා නො දැන, මතු ඔහුට උරුමයක්ව ලැබෙන ස්ථානය බලා පිටත්ව ගියේ ඇදහිල්ලෙනි.


එබැවින්, “ඔවුන් අතරින් පිටතට ඇවිත්, ඔවුන් වෙතින් වෙන්ව සිටින්නැ” යි, ස්වාමින්වහන්සේ කියන සේක. “කිසි අපවිත්‍ර දෙයකට අත නො ගසන්න, එවිට මම ඔබ පිළිගන්නෙමි.”


එසේම, තමන් සතු සියලු දේ අත්හරින්නේ නැති කවරකුටවත් මගේ ගෝලයකු වන්නට බැරි ය.


“තම පියාට හෝ මවට හෝ මට වඩා ප්‍රේම කරන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ; තම පුත්‍රයාට හෝ දියණියට හෝ මට වඩා ප්‍රේම කරන කවුරුන් වුවත්, මට සුදුසු නො වේ.


“එබැවින් ඔහු කල්දිවරුන්ගේ දේශයෙන් පිට වී ගොස්, හාරාන්හි පදිංචි විය. ඔහුගේ පියාගේ මරණයෙන් පසු, දැන් ඔබ වෙසෙන මේ දේශයට දෙවියන්වහන්සේ ඔහු ගෙනා සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්