Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 6:4 - සිංහල කාලීන පරිවර්තනය

4 අපි යාච්ඤාවටත්, වචනයේ මෙහෙයටත් කැප වන්නෙමු” යි කීහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 ඉන්පසු අපි යාච්ඤාවෙහි ද ධර්ම දේශනාවෙහි ද නියුක්ත ව සිටිමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 ඉන්පසු අපි යාච්ඤාවෙහි ද ධර්ම දේශනාවෙහි ද නියුක්ත ව සිටිමු”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 අපි වනාහි යාච්ඤාවෙහිද වචනයේ මෙහෙකිරීමෙහිද ස්ථිරලෙස යෙදී සිටින්නෙමුයයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 6:4
18 හුවමාරු යොමු  

මේ සියල්ලෝ යේසුස්වහන්සේගේ මෑණියන් වූ මරියා ඇතුළු ස්ත්‍රීන් ද උන්වහන්සේගේ සහෝදරයින් ද සමඟ එක් රැස්ව, එක්සිත්ව නිරතුරු යාච්ඤාවේ යෙදුණහ.


ඔවුහු අපෝස්තුලුවරුන්ගේ ඉගැන්වීමට හා සහභාගිත්වයට ද රොටි කැඩීමට හා යාච්ඤාවට ද තුමූම කැප වූහ.


වචනය දේශනා කරන්න; කලටත්, අකලටත් සූදානමින් සිටින්න; වරද පෙන්වා දීමත්, තරවටු කිරීමත්, දිරිගැන්වීමත් කළ යුත්තේ, පූර්ණ ඉවසීමෙන් හා උපදෙසින් යුතුව ය.


මා නොකඩව ඔබ සිහි කරන වගට මාගේ සාක්ෂිය, උන්වහන්සේගේ පුත්‍රයාණන්ගේ ශුභාරංචිය තුළ මාගේ ආත්මයෙන් මා සේවය කරන දෙවියන්වහන්සේ ය.


“ස්වාමින්වහන්සේ ඔබට පැවරූ වැඩ කොටස සම්පූර්ණ කරන්නට වගබලා ගන්නැ” යි අර්කිපස්ට කියන්න.


ඔබ ද ලවොදිකයෙහි සිටින්නවුන් ද පෞද්ගලිකව මා මුණ නො ගැසුණු සැවොම ද උදෙසා මා කොතරම් පරිශ්‍රමයක් දරනවාදැයි ඔබ දැන ගන්නවාට කැමතියි.


ඔබ හැම උදෙසා මගේ හැම යාච්ඤාවකදී හැම විට මා යාච්ඤා කරන්නේ ප්‍රීතියෙනි.


මන්ද මා දේශනා කරන්නේ ශුභාරංචිය නම්, පාරට්ටු කර ගැනීමට පදනමක් මට නැත, මන්ද ඊට මා බැඳී සිටින බැවිනි. මා ශුභාරංචිය දේශනා නො කර සිටියහොත් මට ඛේදයකි.


ඔබගෙන් කෙනකු වූ ද ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ දාසයකු වූ ද එපප්‍රස් ඔබට ආචාර කරයි. දෙවියන්වහන්සේගේ මුළු කැමැත්ත තුළ පරිණතව, මුළුමනින්ම නිසැකව ඔබ ස්ථිරව සිටින පිණිස, ඔහු ඔබ උදෙසා මහත් පරිශ්‍රමයෙන් නිරතුරු යාච්ඤා කරයි.


තමාට නියමිත මෙහෙවර කාලය ගෙවුණු පසු, ඔහු තම නිවසට ආපසු ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්