Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 5:19 - සිංහල කාලීන පරිවර්තනය

19 එහෙත් එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිරගෙයි දොරටු හැර, ඔවුන් පිටතට ගෙනවුත්, කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දුතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එහෙත් රාත්‍රියේ දී සමිඳාණන් වහන්සේගේ දූතයෙක් හිරගෙයි දොරවල් ඇර, ඔවුන් පිටතට ගෙන ගොස්, ඔවුන්ට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 නුමුත් ස්වාමීන්වහන්සේගේ දූතයෙක් රාත්‍රියේ හිරගෙයි දොරවල් ඇර ඔවුන් පිටතට ගෙනැවිත්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 5:19
18 හුවමාරු යොමු  

හදිසියේම සිරගෙයි අත්තිවාරම් දෙදරවමින් තදබල භූමිකම්පාවක් විය. සිරගෙදර දොරවල් සියල්ල එක්වනම ඇරී ගියේ ය. සිරකරුවන් සැමගේ බැඳි බැඳුම් ද ලිහී ගියේ ය.


මා අයිති, මා සේවය කරන දෙවියන්වහන්සේගේ දූතයෙක් ඊයේ රෑ මා පසෙකින් සිට,


ස්වාමින්වහන්සේගේ දූතයෙක් පිලිප්ට කතා කොට, “නැගිට, දකුණු දෙසට, යෙරුසලමේ සිට ගාසා දක්වා දිවෙන මාවතට යන්නැ” යි කීවේ ය. එය කාන්තාර මාවතකි.


එහෙත් ඔහු ඒ ගැන කල්පනා කළ විට, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිහිනෙන් ඔහුට පෙනී, “යෝසෙප්, දාවිත්ගේ පුත්‍රය, ඔබේ භාර්යාව වන මරියා ආවාහ කර ගන්නට බය නො වන්න. මන්ද ඇය දරා සිටින ගැබ ශුද්ධාත්මයාණන් මඟින් වූවකි.


එවිට ස්වාමින්වහන්සේගේ දූතයෙක්, දුම් පූජාසනයට දකුණු පස සිටගෙන සිටිනු ඔහුට පෙනුණේ ය.


යෝසෙප් නින්දෙන් අවදි වූ පසු, ස්වාමින්වහන්සේගේ දූතයා ඔහුට අණ කළ පරිදි කරමින්, ඇය තම භාර්යාව කොට ආවාහ කරගත්තේ ය.


ඔවුන් නික්ම ගිය පසු, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිහිනෙන් යෝසෙප්ට පෙනී, “නැගිටින්න; දරුවාත්, ඔහුගේ මවත් රැගෙන, ඊජිප්තුවට පලා ගොස්, මා නැවත දන්වන තුරු එහි නැවතී සිටින්න; මන්ද හෙරෝද් දරුවා මරා දමන්නට සොයනවා ඇතැ” යි කීවේ ය.


හෙරෝද්ගේ මරණින් පසු, මෙන්න! ස්වාමින්වහන්සේගේ දූතයෙක් ඊජිප්තුවේදී යෝසෙප්ට සිහිනයකින් පෙනී,


එවිට මෙන්න! බිහිසුණු භූමිකම්පාවක්. මන්ද ස්වාමින්වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, එම ගල ඉවතට පෙරළා ඒ මත හිඳ ගත්තේ ය.


ස්වාමින්වහන්සේගේ දූතයෙක් ඔවුන්ට පෙනෙන්නට ආවේ ය; ස්වාමින්වහන්සේගේ තේජස ඔවුන් හාත්පස බබළන්නට විය; ඔවුහු බියෙන් ඇලළී ගියහ.


දිනක් නව වන පැයේ පමණ ඔහු දර්ශනයක් දුටුවේ ය. දෙවියන්වහන්සේගේ දූතයකු පැමිණ, “කොර්නේලියස්” යයි තමන් අමතනු ඔහු පැහැදිලිව දැක්කේ ය.


හෙරෝද් දෙවියන්වහන්සේට දිය යුතු ගෞරවය නුදුන් බැවින්, ස්වාමින්වහන්සේගේ දූතයෙක් එකෙණෙහිම ඔහු ගසා හෙළුවේ ය. ඔහු පණුවන් විසින් කා දමන ලදුව මිය ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්