Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 3:24 - සිංහල කාලීන පරිවර්තනය

24 “සැබවින් ම සාමුවෙල් පටන්, ඔහුට පසුව ආ දිවැසිවරුන් හැම මේ වත්මන් දවස් ගැන කලින් ප්‍රකාශ කර තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 තවද, සාමුවෙල් පටන් පහළ වූ සියලු දිවැසිවරු ද එසේ ම පැවසූ හ; මේ දවස් ගැනත් නිවේදනය කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 තවද, සාමුවෙල් පටන් පහළ වූ සියලු දිවැසිවරු ද එසේ ම පැවසූ හ; මේ දවස් ගැනත් නිවේදනය කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 එසේය, සාමුවෙල් පටන් ඊට පසු පැමිණි යම් පමණ අනාගතවක්තෘහු කථාකළෝද, ඒ සියල්ලෝම මේ දවස් ගැන කථාකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 3:24
12 හුවමාරු යොමු  

ඈත අතීතයේ තම ශුද්ධ දිවැසිවරුන් මඟින් දෙවියන්වහන්සේ ප්‍රකාශ කළ සියලු ආකාර සෞභාග්‍යවත් කාලයක් යළි උදා කෙරෙන තෙක්, යේසුස්වහන්සේ ස්වර්ගයේ සිටින්නට යුතුව ඇත.


මෝසෙස්ගෙන් හා සියලු දිවැසිවරුන්ගෙන් පටන් ශුද්ධ ලියවිලිවල තමන්වහන්සේ ගැන වූ සියලු දෑ පැහැදිලි කළ සේක.


එහෙත් දැන් දහම් නීතියෙන් තොරව දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම එළිදරවු කර තිබේ. දහම් නීතිය හා දිවැසිවරුන් ඊට සාක්ෂි දරන නමුදු,


මේ සියල්ල සිදුවීමට වසර හාරසිය පනහක් පමණ ගත විය. “අනතුරුව, දිවැසිවර සාමුවෙල්ගේ කාලය තෙක්, උන්වහන්සේ ඔවුන්ට විනිශ්චයකරුවන් දුන් සේක.


එබැවින් පසුතැවිලි වී, හැරෙන්න. ඔබේ පාප අතුගා දැමෙන පිණිසත්, නව ප්‍රබෝධවත් කාලයක් ස්වාමින්වහන්සේ වෙතින් උදා වන පිණිසත්,


ක්‍රිස්තුස්වහන්සේ පීඩා විඳින්නටත්, මළවුන්ගෙන් නැගිටින්නටත් නියමව සිටි වග සනාථ කරමින්, ඔවුන්ට කරුණු පැහැදිලි කළේ ය. තවද, “මා ඔබට ප්‍රකාශ කරන මේ යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේම යැ” යි පැවසී ය.


එය නම්, ක්‍රිස්තුස්වහන්සේ දුක් විඳිය යුතු බවත්, මළවුන්ගෙන් නැගිටි ප්‍රථමයාණන් වී, ඉශ්‍රායෙල් ජනයාටත්, අන්‍ය-ජාතීන්ටත් ආලෝකය ප්‍රකාශ කළ යුතු බවත් ය.”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්