Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 3:10 - සිංහල කාලීන පරිවර්තනය

10 දේව මාලිගාවේ සුදර්ශන දොරටුව ළඟ හිඳ, සිඟමින් සිටි මිනිසා ඔහු වග හැඳින, ඔහුට සිදු වූ අරුමය කවරේදැයි සිතාගත නො හැකිව විමතියෙන් ද විස්මයෙන් ද පිරී ගියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 දේව මාලිගාවේ ‘සුදර්ශන’ දොරටුව ළඟ හිඳගෙන සිඟමන් ඉල්ලුවේ මේ මිනිසා බව හඳුනා ගත් ඔව්හු ඔහුට සිදුවූ දේ ගැන පුදුමයෙන් පුදුමයට පත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 දේව මාලිගාවේ ‘සුදර්ශන’ දොරටුව ළඟ හිඳගෙන සිඟමන් ඉල්ලුවේ මේ මිනිසා බව හඳුනා ගත් ඔව්හු ඔහුට සිදුවූ දේ ගැන පුදුමයෙන් පුදුමයට පත් වූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 දේවමාළිගාවේ සුදර්ශන දොරටුව ළඟ සිඟමින් ඉඳගන උන් තැනැත්තා ඔහු බව දැන, ඔහුට සිද්ධවූ කාරණය ගැන පුදුමයෙන්ද විස්මයෙන්ද පිරුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 3:10
12 හුවමාරු යොමු  

උපතේ පටන් කොර මිනිසෙක් ද මෙවේලේ දේව මාලිගයේ සුදර්ශන නම් දොරටුව වෙත ගෙන යනු ලැබී ය. දේව මාලිගයට පිවිසෙන්නන්ගෙන් සිඟමන් යදින පිණිස, දිනපතා ඔහු එම දොරටුව අසල තබන ලදී.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “මේ මිනිසාවත්, ඔහුගේ මව්පියන්වත් කළ පාප නිසා නො වෙයි. දෙවියන්වහන්සේගේ ක්‍රියා ඔහු තුළ විදහා දැක්වීමටයි.


පියාණන්වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන නිසා, තමන් කරන හැම දෙයක්ම පුත්‍රයාට පෙන්වන සේක. ඔබ මවිත කරවන මීට වඩා විශිෂ්ට දෑ මතු පෙන්වනු ඇත.


ඔවුහු සියල්ලෝ දෙවියන්වහන්සේගේ මහානුභාවය ගැන මවිත වූහ. උන්වහන්සේ සිදු කළ සියල්ල ගැන සැවොම මවිත වෙමින් සිටියදී, තම ගෝලයින් ඇමතූ උන්වහන්සේ,


විස්මයෙන් ද වියවුලෙන් ද ඇලළුණු ඔවුහු, “මොකක් ද මෙහි තේරුම?” යි ඔවුනොවුන්ගෙන් අසා ගන්නට වන්හ.


විස්මයෙන් වික්ෂිප්ත වූ ඔවුහු, කතා කරමින්, “මෙලෙස කතා කරන මේ සියල්ලෝ ගලීලයින් නො වෙත් ද?


ඉන් විස්මිත වූ ජනයා ඔවුනොවුන් අතර අදහස් දක්වමින්, “මේ කෙබඳු වචනයක් ද? මෙතුමා ආධිපත්‍යයයෙන් හා බලයෙන් යුතුව යක්ෂාත්මයන්ට අණ දෙනවා; එවිට උන් පිට වී යනවා!” යි කීහ.


එපෙදෙසේ මිනිස්සු යේසුස්වහන්සේ හැඳින ගත්හ. ඔවුහු පළාත මුළුල්ලේ පණිවුඩ යවා, රෝගී වූ සියල්ලන් උන්වහන්සේ වෙත ගෙන ඇවිත්,


එකල අසල්වාසීහු ද ඔහු සිඟමන් ඉල්ලනු දැක තිබූ අය ද, “හිඳගෙන සිඟා කෑ මිනිසා මොහු නො වේ දැ?” යි කීහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්