Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 27:44 - සිංහල කාලීන පරිවර්තනය

44 සෙසු අය ලෑලි හෝ නැවේ සුන්බුන්වල ආධාරයෙන් ගොඩට යා යුතු විය. මෙසේ සියල්ලෝම ආරක්ෂා සහිතව ගොඩබිමට වන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

44 සෙස්සන්ට ලෑලිවල ආධාරයෙන් හෝ නැවේ කැබලි ආධාරයෙන් හෝ ගොඩට යන්නටත් අණ කෙළේ ය. මෙසේ සියල්ලෝ ම ගැළවී ගොඩට පැමිණියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

44 සෙස්සන්ට ලෑලිවල ආධාරයෙන් හෝ නැවේ කැබලි ආධාරයෙන් හෝ ගොඩට යන්නටත් අණ කෙළේ ය. මෙසේ සියල්ලෝ ම ගැළවී ගොඩට පැමිණියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

44 සෙස්සන්ට සමහරු ලෑලිවලින්ද සමහරු නැවේ කෑලිවලින්ද ගොඩට යන්ටත් අණකෙළේය. මෙසේ සියල්ලෝම ගැළවී ගොඩට පැමින්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 27:44
8 හුවමාරු යොමු  

කෙසේ වුවත්, දැන් මා ඕනෑකමින් ඔබෙන් ඉල්ලා සිටින්නේ, ධෛර්යවත් ව සිටින ලෙසයි. ජීවිත හානියක් ඔබ කිසිවකුටත් සිදුවන්නේ නෑ; විනාශ වනු ඇත්තේ නැව පමණයි.


‘පාවුල් බය නො වන්න! ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔන්න! ඔබ සමඟ යාත්‍රා කරන සියලු දෙනාගේ ජීවිත, දෙවියන්වහන්සේ ඔබට ප්‍රදාන කර ඇතැ’ යි කීවා.


එවිට පාවුල්, “මේ මිනිසුන් නැවේම සිටියොත් මිස, ඔබට ගැලවී යා නො හැකි” යි සියයේ හේවාපන්න නිලධාරියා හා හේවායින්ට කී ය.


තවද, “ධර්මිෂ්ඨයින් ගැලවෙන්නේ අසීරුවෙන් වේ නම්, අභක්තිකයන්ට හා පව්කරුවන්ට එය කෙසේ වනු ඇද්ද?”


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්