Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 27:33 - සිංහල කාලීන පරිවර්තනය

33 පහන් වන්නට ආසන්නයේ යමක් ආහාරයට ගන්නැයි පාවුල් උදක්ම ඔවුන්ගෙන් ඉල්ලී ය. “කුමක් වේ දෝයි නො දැන දිගටම දෙගිඩියාවෙන් පසුගිය දවස් දාහතර ඔබ ගත කළේ නිරාහාරව; ඔබ කිසිවක් කෑවේ නෑ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 පහන් වේගන එන විට පාවුලු ඔවුන් සියල්ලන්ට ම කෑම කන්නට අවවාද කරමින්, “ඔබ කිසිත් නොකා නිරාහාර ව බල බලා සිට අදට දසසතරවෙනි දවස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 පහන් වේගන එන විට පාවුලු ඔවුන් සියල්ලන්ට ම කෑම කන්නට අවවාද කරමින්, “ඔබ කිසිත් නොකා නිරාහාර ව බල බලා සිට අදට දසසතරවෙනි දවස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 පහන්වේගන එන කල්හි පාවුල් ඔවුන් සියල්ලන්ට කෑම කන්ට අවවාදකරමින්: නුඹලා බලාසිටිමින්, කිසිත් නොකා නිරාහාරව සිට අදට දසසතරවෙනි දවසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 27:33
6 හුවමාරු යොමු  

එවිට හේවායෝ බෝට්ටුව නැවට බැඳ තිබූ රැහැන් කපා එය ඉවත පාවී යන්නට හැරියහ.


දැන් මා ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලනවා ආහාරයක් ගන්නා ලෙස. එය ඔබගේ දිවි රැක ගැනීමට අවශ්‍ය ය; ඔබ කිසිවකුගේ හිසකේ ගසකටවත් හානියක් සිදුවන්නේ නැතැ” යි


යේසුස්වහන්සේ තම ගෝලයින් තමන් වෙත කැඳවා, “මේ සමූහයා ගැන මම අනුකම්පා ඇත්තෙමි. දැන් දවස් තුනක් මා සමඟ සිටින ඔවුන්ට කෑමට කිසිවක් නැහැ. කුස ගින්නේම ඔවුන් පිටත් කර හරින්නට මා කැමති නැහැ. ගියහොත් ඔවුන් අතරමඟ දී ක්ලාන්ත වේවි” යි කී සේක.


අනතුරුව ආහාර ගත් හෙතෙම යළි සවිමත් විය. සාවුල් දමස්කයේ සිටි ගෝලයින් සමඟ දින කිහිපයක් ගත කළේ ය.


ඔවුන් බොහෝ දිනක් කිසි අහරක් නො ගෙන සිටියදී, පාවුල් ඔවුන් ඉදිරියට ගොස්, “මිනිසුනි, ක්‍රීතයේ සිට යාත්‍රා නො කරන ලෙස මා දුන් අවවාදය ඔබ පිළිගත යුතුව තිබුණා. එසේ වී නම් මේ හානියත්, අලාභයත් නො වන්න තිබුණා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්