Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 27:24 - සිංහල කාලීන පරිවර්තනය

24 ‘පාවුල් බය නො වන්න! ඔබ සීසර් ඉදිරියේ පෙනී සිටිය යුතුයි. ඔන්න! ඔබ සමඟ යාත්‍රා කරන සියලු දෙනාගේ ජීවිත, දෙවියන්වහන්සේ ඔබට ප්‍රදාන කර ඇතැ’ යි කීවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ‘පාවුලු බිය නොවන්න; ඔබ අධිරාජයා ඉදිරියෙහි සිටින්නට ම ඕනෑ ය. මෙන්න, ඔබ සමඟ නැවෙන් යන සියල්ලන්ගේ ද ආරක්ෂාව දෙවියන් වහන්සේ ඔබට දුන් සේකැ’යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 පාවුල් භය නොවන්න; නුඹ කායිසර් ඉදිරියෙහි සිටින්ට ඕනෑය. බලව, නුඹ සමඟ නැවෙන් යන්නාවූ සියල්ලන්ද දෙවියන්වහන්සේ නුඹට දුන්සේකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 27:24
35 හුවමාරු යොමු  

එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේ පාවුල් අසලින් සිට, ඔහු අමතමින්, “ධෛර්යය වඩවා ගන්න; යෙරුසලමේදී ඔබ මා ගැන සාක්ෂි දැරූ ලෙසම රෝමයේදීත් සාක්ෂි දැරිය යුතු යැ” යි පැවසූ සේක.


ශරීරය නසා දමන නමුදු, ජීවාත්මය නැසිය නො හැකි අයට බය නො වන්න. එහෙත් සිරුරත්, ජීවාත්මයත් නිරයේ විනාශ කළ හැකි තැනැන්වහන්සේට බය වන්න.


එබැවින් සුවය ලැබෙන පිණිස එකිනෙකාට තම පාප කියා දී එකිනෙකා උදෙසා යාච්ඤා කරන්න. ධර්මිෂ්ඨ මනුෂ්‍යයකුගේ යාච්‍ඤාව, මහත් බලයෙන් හා ක්‍රියාකාරිත්වයෙන් යුක්ත ය.


එහෙත් ස්වාමින්වහන්සේ ඔහු අමතමින්, “යන්න! මේ මනුෂ්‍යයා අන්‍ය-ජාතීන් ද රජුන් ද ඉශ්‍රායෙල් ජනයා ද වෙත මාගේ නාමය ගෙන යෑමට තෝරා ගන්නා ලද මාගේ උපකරණයකි;


උන්වහන්සේ දුටු විට මම මළාක් මෙන්, උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තම දකුණු අත මා පිට තබා, මෙසේ පැවසූ සේක: “බය වන්න එපා. පළමුවැන්නාත්, අන්තිමයාත් මමයි.


නැවෙහි වූ අප සියල්ලෝ දෙසිය හැත්තෑ හයදෙනෙකි.


සෙසු අය ලෑලි හෝ නැවේ සුන්බුන්වල ආධාරයෙන් ගොඩට යා යුතු විය. මෙසේ සියල්ලෝම ආරක්ෂා සහිතව ගොඩබිමට වන්හ.


එහෙත් මා මරණ දඬුවමට සුදුසු වරදකරුවකු වේ නම්, මරණය ප්‍රතික්ෂේප නො කරමි. එහෙත් මට විරුද්ධව මේ යුදෙව්වන් නගන චෝදනා අසත්‍ය නම්, ඔවුන් අතට මා පාවා දීමේ අයිතියක් කිසිවකුටත් නැත. මම සීසර්ගේ විනිශ්චය ඉල්ලමි” යි කීවේ ය.


මේ සියල්ල සිදු වූ පසු පාවුල් මකිදෝනිය හා අකාය හරහා යෙරුසලම බලා යෑමට තීරණ කළේ ය. “යෙරුසලමට ගියාට පසු මා රෝමයත් දකින්න යා යුතු යැ” යි ඔහු පැවසී ය.


යේසුස්වහන්සේ උත්තර දෙමින්, “දහවලට දොළොස් පැයක් තියෙනවා නො වේ ද? කෙනෙක් දහවලේ ඇවිදිනවා නම් ඔහු පැකිළෙන්නේ නැත. මන්ද ඔහුට ලෝකයේ එළිය පෙනේ.


මා නිසා ආණ්ඩුකාරයින් හා රජුන් ඉදිරියට ඔබ ඇදගෙන යනු ඇත. ඒ, ඔවුන්ටත්, විජාතිකයින්ටත් සාක්ෂි දරන පිණිසයි.


එවිට පාවුල්, “මේ මිනිසුන් නැවේම සිටියොත් මිස, ඔබට ගැලවී යා නො හැකි” යි සියයේ හේවාපන්න නිලධාරියා හා හේවායින්ට කී ය.


සිරකරුවන් පිහිනා පැන යෑම වැළැක්වීමට හේවායෝ ඔවුන් මරා දමන්නට සැරසුණහ.


ඒ හැර, නවාතැනක් මට සූදානම් කර තබන්න. මන්ද ඔබේ යාච්ඤාවලට පිළිතුරු වශයෙන් ඔබ අතරේ යළි මා පිහිටුවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්