Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 27:10 - සිංහල කාලීන පරිවර්තනය

10 “මහත්වරුනි, අපේ මුහුදු ගමන විපත්තිදායක විය හැකියි; ඉන් නැවටත්, නැව් බඩුවලට පමණක් නො ව අපේම ජීවිතවලටත් අනතුරුදායක සහ හානිදායක බව මට පෙනේ” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

10 “භවතුනි, මේ ගමන බඩුවලට සහ නැවට පමණක් නොව, අපේ ජීවිතවලටත් අන්තරායදායක වූ, බොහෝ අලාභ හානි පමුණුවන්නක් බව මට පෙනේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 “භවතුනි, මේ ගමන බඩුවලට සහ නැවට පමණක් නොව, අපේ ජීවිතවලටත් අන්තරායදායක වූ, බොහෝ අලාභ හානි පමුණුවන්නක් බව මට පෙනේ ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 මනුෂ්‍යයෙනි, මේ ගමන බඩුවලට සහ නැවට පමණක් නොව අපේ ජීවිතවලටත් අන්තරාය සහ බොහෝ අලාභත් පමුණුවන එකක් බව මට පෙනේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 27:10
12 හුවමාරු යොමු  

දැන් මා ඉතා ඕනෑකමින් ඔබෙන් ඉල්ලනවා ආහාරයක් ගන්නා ලෙස. එය ඔබගේ දිවි රැක ගැනීමට අවශ්‍ය ය; ඔබ කිසිවකුගේ හිසකේ ගසකටවත් හානියක් සිදුවන්නේ නැතැ” යි


තවද, “ධර්මිෂ්ඨයින් ගැලවෙන්නේ අසීරුවෙන් වේ නම්, අභක්තිකයන්ට හා පව්කරුවන්ට එය කෙසේ වනු ඇද්ද?”


එවිට පාවුල්, “මේ මිනිසුන් නැවේම සිටියොත් මිස, ඔබට ගැලවී යා නො හැකි” යි සියයේ හේවාපන්න නිලධාරියා හා හේවායින්ට කී ය.


සයිප්‍රසය පෙනෙනා මානයට පැමිණි පසු, එය වම් පසින් තිබෙන සේ යාත්‍රා කරමින්, අපි සිරියා වෙත ළඟා වී, තීර් වරායෙන් ගොඩ බැස්සෙමු. එහිදී නැවෙහි බඩු ගොඩබෑමට නියමිතව තිබිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්