Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 26:29 - සිංහල කාලීන පරිවර්තනය

29 “සුළු වේලාවකින් හෝ දිගු කලකින් හෝ ඔබත්, අද මට සවන් දෙන සැවොමත් මේ යදම්වලින් තොරව, මා වගේ වේවායි මම දෙවියන්වහන්සේට යාච්ඤා කරමි” යි පාවුල් පිළිතුරු දුන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

29 පාවුලු කතා කොට, “ඔබ පමණක් නොව, අද මාගේ වචනය අසන සියල්ලන් ද, පහසුවෙන් හෝ අපහසුවෙන් හෝ මාගේ මේ යදම් නැති ව, මා වාගේ ම වන ලෙස දෙවියන් වහන්සේට යාච්ඤා කරමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 පාවුලු කතා කොට, “ඔබ පමණක් නොව, අද මාගේ වචනය අසන සියල්ලන් ද, පහසුවෙන් හෝ අපහසුවෙන් හෝ මාගේ මේ යදම් නැති ව, මා වාගේ ම වන ලෙස දෙවියන් වහන්සේට යාච්ඤා කරමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 පාවුල් කථාකොට: ඔබ පමණක් නොව අද මාගේ වචන අසන සියල්ලන්ද, වැඩියෙන් හෝ අඩුවෙන් හෝ, මේ බැඳුම් හැර මා වාගේ වෙන ලෙස දෙවියන්වහන්සේට යාච්ඤාකරමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 26:29
18 හුවමාරු යොමු  

මන්ද මම ශුභාරංචියේ තානාපතියෙක්මි. මා සිර-බැඳුම් ලැබ සිටින්නේ එනිසාවෙනි. කළ යුතු ලෙස අභීතව මට ඒ ශුභාරංචිය ප්‍රකාශ කරනු හැකි වන පිණිස යාච්ඤා කරන්න.


එබැවින් හැම කෙනකුම ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණත්වයෙන් දෙවියන්වහන්සේට පිළිගන්වනු පිණිස, අපි මුළු ප්‍රඥාවෙන් යුතුව හැම කෙනකුටම ගුරුහරුකම් දෙමින් ද හැම කෙනකුටම උගන්වමින් ද ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරන්නෙමු.


සහෝදරයිනි, ඔවුන් උදෙසා මා හදවතේ ආශාවත්, දෙවියන්වහන්සේට මාගේ යාච්ඤාවත් ඔවුන් ගලවනු ලැබීම ය.


පාවුල් වෙත ආ සෙන්පති පළමු කොට ඔහු අත්අඩංගුවට ගෙන, යදම් දෙකකින්ම ඔහු බඳින්නට අණ දුන්නේ ය. පාවුල් කවරෙක් ද, ඔහු කළ වරද කිමෙක්දැයි ඔහු ඇසුවේ ඉන්පසුව ය.


මගේ සුළු අනුවණකමක් ඔබ ඉවසනවාට කැමැත්තෙමි. මා ගැන ඉවසා සිටින්න;


හැම කෙනකුම මා සිටින ලෙස සිටී නම් කැමැත්තෙමි. එහෙත් එක් ලෙසකින් හෝ වෙනත් ලෙසකින් එක් එක් කෙනාට දෙවියන්වහන්සේ වෙතින් දීමනාවක් ඇත.


ඔබට අවශ්‍ය සියල්ල දැනටම ඔබට ලැබිලා! දැනටමත් ඔබ ධනවත් වෙලා! අප නො මැතිව ඔබ රජවරුන් බවට පත් වෙලා! ඔබ රජකම් කළෝ නම් අපටත් ඔබ සමඟින් රජකම් කරන්නට තිබුණි!


ඔවුන් බොහෝ දවසක් එහි නැවතී සිටියෙන්, පෙස්තුස් පාවුල්ගේ නඩුව ගැන රජු සමඟ සාකච්ඡා කරමින්, “පීලික්ස් සිරකරුවකු ලෙස තැබූ මිනිසෙක් මෙහි සිටී.


හෙරෝද් නඩු විභාගයට ඔහු ගෙන ඒමට කලින් දින රැයේ පේතෘස් දම්වැල් දෙකකින් බඳිනු ලැබ, හේවායින් දෙදෙනකුට මැදිව නිදා සිටියේ ය; සෙසු මුර භටයෝ සිරගෙයි දොරටු මුර කළහ.


මා මෙසේ කියන්නේ, මිනිසකුගේ සහතිකයක් ලබන නිසා නො ව, ඔබේ ගැලවීම සඳහායි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්