Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 26:12 - සිංහල කාලීන පරිවර්තනය

12 “එසේ එක් ගමනකදී මම නායක පූජකයින්ගේ අධිකාරී බලය ඇතිව, ඔවුන්ගේ අණ පරිදි දමස්කය බලා යමින් සිටියෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

12 “ඒ සඳහා නායක පූජකයන්ගෙන් බලය ද අවසරය ද ලැබ, දමස්කයට මා ගමන් කරද්දී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 “ඒ සඳහා නායක පූජකයන්ගෙන් බලය ද අවසරය ද ලැබ, දමස්කයට මා ගමන් කරද්දී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 ඒ ගැන නායක පූජකයන්ගෙන් බලයද අවසරද ලැබ, දමස්කයට මා ගමන්කරද්දී,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 26:12
12 හුවමාරු යොමු  

මේ අතර, යේසුස්වහන්සේ සිටින තැන දැන ගතහොත්, උන්වහන්සේ අත්අඩංගුවට ගන්නා පිණිස, ඒ වග තමන්ට දැනුම් දිය යුතු ය යන අණක් නායක පූජකයින් හා පරිසිවරුන් නිකුත් කර තිබිණි.


යෙරුසලමේදී මා කළේ එයයි; නායක පූජකයින්ගේ අධිකාරිත්වය ඇතිව, ශුද්ධවන්තයින් බොහෝ දෙනකු සිර ගෙවල දැමුවෙමි. ඔවුන් මරා දැමීමේදී ඔවුන්ට එරෙහිව ඡන්දය දුනිමි.


එසේ යන අතර, මද්දහනේ පමණ අහෝ රජතුමනි! හිරුටත් වඩා දීප්තිමත් ආලෝක ධාරාවක් අහසින් විහිදී මා ද මගේ සගයින් ද වටා බැබළෙනු දැක්කෙමි.


සියල්ලන්ටම පසු අකලට උපන්නකු වැනි වූ මටත් ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්