Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 25:24 - සිංහල කාලීන පරිවර්තනය

24 එවිට පෙස්තුස්, “අග්‍රිපා රජතුමනි, අප සමඟ මෙහි සිටින සියල්ලෙනි, මේ මිනිසා ඔබට පෙනෙනවා නො වේ ද! යෙරුසලමේදී මෙන්ම මේ කායිසාරියේදීත් මුළු යුදෙව් සමාජය ම මොහු තවත් ජීවත් විය යුතු නැතැයි ඝෝෂා කරමින් මට ආයාචනා කළා;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

24 ෆෙස්තුස් කතා කොට: “අග්‍රිපා රජතුමෙනි, මෙහි අප සමඟ සිටින සියලු භවතුනි, මොහු තවත් ජීවත් ව සිටින්නට නොවටනේ යයි ජෙරුසලමේදීත් මෙහිදීත් ජුදෙව් සමූහයා මොරගසමින් මට පැමිණිලි කෙළේ ඔබට පෙනෙන මේ මිනිසා ගැන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

24 ෆෙස්තුස් කතා කොට: “අග්‍රිපා රජතුමෙනි, මෙහි අප සමඟ සිටින සියලු භවතුනි, මොහු තවත් ජීවත් ව සිටින්නට නොවටනේ යයි ජෙරුසලමේදීත් මෙහිදීත් ජුදෙව් සමූහයා මොරගසමින් මට පැමිණිලි කෙළේ ඔබට පෙනෙන මේ මිනිසා ගැන ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

24 පෙස්තුස් කථාකොට: අග්‍රියා රජ්ජුරුවනි, මෙහි අප සමඟ සිටින සියලු මනුෂ්‍යයෙනි, මොහු තවත් ජීවත්ව සිටින්ට නොවටනේයයි මොරගසමින් මුළු යුදෙව් සමූහයා යමෙකු ගැන යෙරුසලමේදීත් මෙහිදීත් මට පැමිණිලිකළෝද ඒ මනුෂ්‍යයා මෙහි දක්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 25:24
4 හුවමාරු යොමු  

පාවුල් එසේ කියන තෙක් සමූහයා ඔහු කී දේ අසා සිටියහ. එවිට ඔවුහු උස් හඬින් කෑ ගසමින්, “මොහු පොළොවෙන් සිඳ දමව්! ඔහු ජීවත් වෙන්නට සුදුසු නැතැ” යි ඝෝෂා කරන්නට වන්හ.


ඔහු පැමිණි පසු, යෙරුසලමේ සිට ආ යුදෙව්වෝ, ඔහු වටකර, තමනට කිසි සේත් ඔප්පු කළ නො හැකි බරපතළ චෝදනා රැසක් ඔහුට එරෙහිව නගන්නට වූහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්