Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 23:22 - සිංහල කාලීන පරිවර්තනය

22 “මෙය ඔබ මට දැන්වූ වග කිසිවකුට කියන්න එපා” යි තරුණයාට අවවාද කළ සෙන්පති, ඔහු යන්නට හැරියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

22 එවිට සේනාධිපතියා, “ඔබ මේ දේවල් මට දැන් වූ බව කිසිවෙකුට නොකියන්න”යි අණ කොට තරුණයා යන්නට හැරියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

22 එවිට සේනාධිපතියා, “ඔබ මේ දේවල් මට දැන් වූ බව කිසිවෙකුට නොකියන්න”යි අණ කොට තරුණයා යන්නට හැරියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

22 එවිට අධිපතියා: නුඹ මේ දේවල් මට දැන්නූ බව කාටවත් කියන්ට එපායයි අණකොට යෞවනයා යන්ට හැරියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 23:22
6 හුවමාරු යොමු  

“කිසිවකුටත් මේ ගැන කිසිවක් නො කියන්නට වගබලා ගන්න; එහෙත් ගොසින්, පූජකයා ඉදිරියේ පෙනී සිට, ඔවුන්ට සාක්ෂියක් වශයෙන් ඔබේ පවිත්‍ර වීම පිළිබඳව මෝසෙස් නියම කළ දෑ ඔප්පු කරන්නැ” යි කී සේක.


යේසුස්වහන්සේ එම දොළොස් දෙනාට මෙසේ උපදෙස් දෙමින්, ඔවුන් පිටත් කර හැරිය සේක: “අන්‍ය-ජාතීන් අතර කිසි තැනකට හෝ සමාරියයන්ගේ කිසි නගරයකට ඇතුළු නො වී,


එවිට හේවායෝ ද ඔවුන්ගේ අණ දෙන්නා ද යුදෙව් නිලධාරීහු ද යේසුස්වහන්සේ අත්අඩංගුවට ගෙන, උන්වහන්සේ බැඳ දැමූහ.


ඒකට ඉඩ දෙන්න එපා. මන්ද හතළිස් දෙනකුට වැඩි යුදෙව් පිරිසක් මඟදී ඔහුට පහර දීමට සැඟවී රැක ඉන්නවා; ඔහු මරා දමන තුරු කන්නේවත්, බොන්නේවත් නැතැයි ඔවුන් දිවුරා තියෙනවා; ඔවුන්ගේ ඉල්ලීමට ඔබතුමාගේ අනුමැතිය ලැබෙන තුරු ඔවුහු දැන් සියල්ල සූදානමින් බලා ඉන්නවා” යි කීවේ ය.


ඉන්පසු සියයේ හේවාපන්න නිලධාරීන් දෙදෙනකු කැඳවූ සෙන්පති, “අද රෑ තුන් වන පැයට කායිසාරියට යන පිණිස හේවායින් දෙසියයක්, අසරුවන් හැත්තෑවක් හා හෙල්ලකරුවන් දෙසීයක් ඇතුළත් සේනාංකයක් සූදානම් කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්