Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 23:19 - සිංහල කාලීන පරිවර්තනය

19 සෙන්පති තැන තරුණයා අතින් ගෙන පසෙකට කැඳවා, “මොනවද මට කියන්නට ඔබට තියෙන්නේ?” යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 එකල සේනාධිපතියා ඔහු අතින් අල්ලා ගෙන පසෙකට ගොස්, “මට දන්වන්නට තිබෙන කාරණය කුමක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 එකල සේනාධිපතියා ඔහු අතින් අල්ලා ගෙන පසෙකට ගොස්, “මට දන්වන්නට තිබෙන කාරණය කුමක් දැ”යි ඇසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 එකල අධිපතියා ඔහුගේ අත අල්ලා අහකට ගෙනගොස්: මට දන්වන්ට නුඹට තිබෙන කාරණය මොකදැයි ඇසුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 23:19
12 හුවමාරු යොමු  

“මගෙන් ඔබට කෙරෙන්න ඕනෑ කුමක් දැ?” යි යේසුස්වහන්සේ ඔහුගෙන් ඇසූ සේක. අන්ධ මිනිසා පිළිතුරු දෙමින්, “රබ්බී, මට යළි පෙනීම ලබන්නට ඕනෑ” යි කීවේ ය.


උන්වහන්සේ අන්ධ මිනිසා අතින් අල්ලා, ගමින් පිටතට ගෙන ගොස්, ඔහුගේ ඇස්වල කෙළ තවරා, ඔහු පිට අත තබා, “ඔබට කිසිවක් පෙනේ දැ?” යි ඇසූ සේක.


එහෙත් යේසුස්වහන්සේ ඔහුගේ අතින් අල්ලා, එසවූ කල ඔහු සිට ගත්තේ ය.


එවිට හේවායෝ ද ඔවුන්ගේ අණ දෙන්නා ද යුදෙව් නිලධාරීහු ද යේසුස්වහන්සේ අත්අඩංගුවට ගෙන, උන්වහන්සේ බැඳ දැමූහ.


එබැවින් ඔවුහු අරියෝපග රැස්වීම් සභාවට පාවුල් අල්ලාගෙන ගොස්, “ඔබ හඳුන්වා දෙන මේ අලුත් ඉගැන්වීම අපටත් දැනගත හැකි ද?


එබැවින් ඔහු තරුණයා සෙන්පති වෙත ගෙන ගියේ ය. සියයේ හේවාපන්න නිලධාරියා, “ඔබට දැන්විය යුතු යමක් මේ තරුණයාට ඇති නිසා, ඔහු ඔබට මුණ ගස්වන්නැයි සිරකාර පාවුල් මට අඬගසා, මගෙන් ඉල්ලීයැ” යි පැවසී ය.


ඔහු පිළිතුරු දෙමින්, “පාවුල් ගැන තොරතුරු වඩා නිවැරදිව විභාග කරන බවක් අඟවා, හෙට උදෑසන ඔහු මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙනෙන ලෙස, ඔබෙන් ඉල්ලන්නට යුදෙව්වන් එකඟතාවක් ඇති කර ගත්තා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්