Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 22:26 - සිංහල කාලීන පරිවර්තනය

26 ඒ ඇසූ එම නිලධාරියා සෙන්පති වෙත ගොස්, ඒ වග දැනුම් දෙමින්, “මොකක් ද ඔබ මේ කරන්නට යන්නේ? ඒ මනුෂ්‍යයා රෝම පුරවැසියෙකැ” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 ශතාධිපතියා ඒ අසා, සේනාධිපතියා ළඟට ගොස්, “ඔබ කුමක් කරන්නට යන්නෙහි ද? මේ මනුෂ්‍යයා රෝම පුරවැසියෙකැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 ශතාධිපතියා ඒ අසා, සේනාධිපතියා ළඟට ගොස්, “ඔබ කුමක් කරන්නට යන්නෙහි ද? මේ මනුෂ්‍යයා රෝම පුරවැසියෙකැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 සියයකට මුලාදෑනියා ඒ අසා අධිපතියා ළඟට ගොස්: ඔබ මක්කරන්ට යනවාද? මේ මනුෂ්‍යයා රෝමයෙකැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 22:26
5 හුවමාරු යොමු  

යුදෙව්වෝ මේ මිනිසා අල්ලා, මරා දමන්නට සැරසුණහ. එවෙලේම මගේ හේවායින් සමඟ ගොස් ඔහු මුදා ගතිමි. මන්ද ඔහු රෝම පුරවැසියකු වග මම දැන සිටියෙමි.


පාවුල්ගෙන් ප්‍රශ්න කරන්නට සිටි අය පසුබැස, වහා ඉවත්ව ගියහ. රෝම පුරවැසියකු වූ පාවුල් යදමින් බැඳීම ගැන සිහි කළ සෙන්පති ද තැති ගත්තේ ය.


එවිට හේවායෝ ද ඔවුන්ගේ අණ දෙන්නා ද යුදෙව් නිලධාරීහු ද යේසුස්වහන්සේ අත්අඩංගුවට ගෙන, උන්වහන්සේ බැඳ දැමූහ.


කස පහර දෙන්නට ඔවුන් ඔහු බැඳ දැමූ කල, එතැන සිටි සියයේ සෙන්පති ඇමතූ පාවුල්, “විභාගයක් නො පවත්වා රෝම පුරවැසියකුට කස පහර දීම නිත්‍යානුකූල දැ?” යි ඇසී ය.


එවිට සෙන්පති පාවුල් වෙත අවුත්, “මට කියන්න; ඔබ රෝම පුරවැසියෙක් දැ?” යි ඇසී ය. “එසේ යැ” යි පාවුල් පිළිතුරු දිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්