Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 2:18 - සිංහල කාලීන පරිවර්තනය

18 මාගේ සේවක සේවිකාවන් පිට පවා එදවස්හි දී මම මාගේ ආත්මයාණන් වගුරුවමි. ඔවුන් දිවැස් වැකි පවසනු ඇත;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 එපමණක් නොව, ඒ දවස්වල දී මාගේ දැසිදසුන්ට වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි; ඔව්හු ද දිවැස් වැකි පවසති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 එපමණක් නොව, ඒ දවස්වල දී මාගේ දැසිදසුන්ට වුව ද මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරන්නෙමි; ඔව්හු ද දිවැස් වැකි පවසති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 එසේය, ඒ දවස්වලදී මාගේ දාස දාසීන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; ඔව්හු අනාගතවාක්‍ය කියන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 2:18
7 හුවමාරු යොමු  

මෙහි ග්‍රීක-යුදෙව් කියා හෝ චර්මඡේද වූ-නොවූ කියා හෝ ම්ලේච්ඡ, අශිෂ්ට, වහල් හෝ නිවහල් කියා හෝ භේදයක් නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල ය; සියල්ලන් තුළ ය.


එහි යුදෙව්වකුවත්, ග්‍රීකයකුවත් නැත; වහලකුවත්, නිවහල් කෙනකුවත් නැත; පුරුෂයකුවත්, ස්ත්‍රියකවත් නැත. මන්ද ඔබ හැම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙකි.


අප එහි කිහිප දවසක් ගත කළ පසු, දිවැසිවරයෙක් වූ අගබස් යුදයේ සිට එහි අවුත්,


එහෙත් ඒ සේවකයා, ‘මාගේ ස්වාමියා ඒමට පමා වේවි’ යි තමාටම කියා ගනිමින්, සෙසු සේවක සේවිකාවන්ට පහර දීමටත්, කමින්-බොමින් මත් වීමටත් පටන් ගතහොත්,


“ ‘දෙවියන්වහන්සේ ප්‍රකාශ කරන සේක්, අන්තිම දවස්වලදී මම මාගේ ආත්මයාණන් සියලු මිනිසුන් පිට වගුරුවමි. ඔබගේ පුත්‍රයින් හා දූවරුන් දිවැස් වැකි පවසනු ඇත. ඔබගේ තරුණයින් දර්ශන දකිනු ඇත. ඔබගේ මහලු මිනිසුන් ස්වප්න දකිනු ඇත.


මම ඉහළ අහසේ අරුමයන් ද පහත පොළොවේ ලේ, ගිනි හා ධූම තරංග යන ලකුණු ද දක්වමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්