Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 19:31 - සිංහල කාලීන පරිවර්තනය

31 පාවුල්ගේ මිතුරන් වූ ආසියා කලාපයේ ඇතැම් නිලධාරීහු පවා ඔහුට පණිවුඩ එවමින් රංග පීඨයේ අවදානමට මැදි නො වන ලෙස ඉල්ලූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

31 ඔහු සමඟ මිත්‍ර ව සිටි ආසියාතික අධිපතීන්ගෙන් සමහරෙක් ද, නෘත්‍ය ශාලාවට කොයි ආකාරයකින් වත් ඇතුළු නොවන සේ ඉල්ලමින් කන්නලව් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

31 ඔහු සමඟ මිත්‍ර ව සිටි ආසියාතික අධිපතීන්ගෙන් සමහරෙක් ද, නෘත්‍ය ශාලාවට කොයි ආකාරයකින් වත් ඇතුළු නොවන සේ ඉල්ලමින් කන්නලව් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

31 ඔහුට මිත්‍රව සිටිය ආසියාවේ අධිපතීන්ගෙන් සමහරෙක්ද නෘත්‍ය ශාලාවට කොයි ආකාරයකින්වත් ඇතුල් නොවන ලෙස ඉල්ලා ඔහුට කියා ඇරියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 19:31
8 හුවමාරු යොමු  

දෙවසරක කාලයක් එලෙසින් සිදු විය. මෙසේ ආසියා කලාපයේ විසූ යුදෙව් හා ග්‍රීක ජාතිකයින් හැමදෙනා ස්වාමින්වහන්සේගේ වචනය ඇසූහ.


ඒ ඇසූ අපත්, එහි සිටි සෙසු අයත් පාවුල්ට කන්නලව් කළේ යෙරුසලමට නො යන ලෙසට ය.


ආසියා කලාපයේ වචනය කතා කිරීම ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් තහනම් කරන ලදුව, ඔවුහු පිරිගිය හා ගලාතිය පෙදෙස් ඔස්සේ ගමනේ යෙදුණහ.


එවිට කුෂ්ඨ රෝගියෙක් උන්වහන්සේ වෙත පැමිණ, දණින් වැටී, “ඔබ කැමති නම් මා පවිත්‍ර කරන්නට ඔබට පුළුවනැ” යි අයැදී ය.


සැණෙකින් මුළු නගරය පුරා මහත් ගාලගෝට්ටියක් පැන නැඟිණි. ඔවුහු පාවුල්ගේ ගමන් සගයින් වූ මකිදෝනියෙහි ගායස් හා අරිස්තාර්කස් අල්ලා, ඇදගෙන රංග පීඨයට කඩා වැදුණහ.


ජනකාය ඉදිරියට යෑමට පාවුල්ට ඕනෑ වුව ද, ගෝලයෝ ඊට ඉඩ නුදුන්හ.


රැස් වූ පිරිස අතර වූයේ දැඩි වියවුලකි. ඇතැම්හු එකක් ද තවත් අය තවෙකක් ද කියමින් කෑ මොර දුන්හ. තමන් මෙහි සිටින්නේ කුමක් නිසා ද යන්න පවා වැඩිදෙනා දැන සිටියේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්