Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 19:28 - සිංහල කාලීන පරිවර්තනය

28 ඒ ඇසූ ඔවුහු කෝපාවිෂ්ට වී, “එපීසයන්ගේ අර්තෙමිස් උත්තමාවී” කියමින් කෑ මොර දෙන්නට වූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

28 ඔව්හු ඒ අසා කෝපයෙන් පිරී, “එපීසයන්ගේ අර්තෙමිස් අති උසස් ය”යි කියමින් මොරගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඔව්හු ඒ අසා කෝපයෙන් පිරී, “එපීසයන්ගේ අර්තෙමිස් අති උසස් ය”යි කියමින් මොරගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 ඔව්හු ඒ අසා කෝපයෙන් පිරී: එපීසයන්ගේ අර්තෙමිස් උත්තමීයයි මොරගසමින් කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 19:28
15 හුවමාරු යොමු  

ඔවුහු එක සිතින් තමන්ගේ බලයත්, ආධිපත්‍යයත් මෘගයාට පවරා දෙති.


මකරා තම ආධිපත්‍යය මෘගයාට දී තිබූ නිසා, ඔවුහු මකරාට නමස්කාර කළහ. ඔවුහු මෘගයාට නමස්කාර කරමින්, “මෘගයාට සමාන කවුරු ද? ඌට විරුද්ධව යුද්ධ කළ හැක්කේ කවරකුට දැ?” යි කීහ.


එබැවින් එම්බා ස්වර්ගයෙනි, ඒවායේ වෙසෙන සියල්ලෙනි, ප්‍රීතිවන්න. එහෙත්, එම්බා පොළොව හා මුහුද, නුඹලාට දුක් වේ! මන්ද යක්ෂයා මහා උදහසකින්, නුඹලා වෙත බැස ඇවිදින් ය. මන්ද තමාගේ කාලය කෙටි වග ඌ දන්නා බැවිනි.”


ඔවුහු එපීසය වෙත පැමිණියහ. එහිදී ප්‍රිිස්කිලා හා අකිලාගෙන් වෙන් වූ පාවුල් සිනගෝගයට ගොස්, යුදෙව්වන් හා තර්ක කළේ ය.


ඒ ඇසූ ඔවුහු කෝපාවිෂ්ට ව ඔහුට එරෙහිව දත්මිටි කන්නට වූහ.


පෙරදිග පඬිවරු තමාට ප්‍රයෝගයක් කර ඇති වග දැක, දැඩි කෝපයට පත් හෙරෝද්, එම පඬිවරුන්ගෙන් දැනගත් කාලසීමාවට අනුව, බෙත්ලෙහෙම හා ඒ අවට පළාත්වල වයසින් අවුරුදු දෙකක් වූත්, ඊට අඩු වූත් සියලු පිරිමි දරුවන් මරා දමන්නට මිනිසුන් යැවී ය.


දෙමිත්‍රියස් නම් රිදීකරු, අර්තෙමිස් දේවතාවියගේ රිදී පිළිම-කූඩු සෑදීමෙන් රිදී කර්මාන්ත ශිල්පීනට සලසා දුන්නේ සුළු පටු ව්‍යාපාරයක් නො වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්