Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 18:4 - සිංහල කාලීන පරිවර්තනය

4 ඔහු හැම සබතක සිනගෝගයේ යුදෙව්වන් මෙන්ම ග්‍රීකයන් සමඟ ද තර්ක කරමින් ඔවුන්ට ඒත්තු ගැන්වීමට වෙර දැරී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

4 පාවුලු සියලු සබත් දවස්වල ධර්මශාලාවෙහි දී වාද කර, ජුදෙව්වරුන් ද ග්‍රීක්වරුන් ද ඇදහිල්ලට පමුණුවාගන්නට උත්සාහ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 පාවුලු සියලු සබත් දවස්වල ධර්මශාලාවෙහි දී වාද කර, ජුදෙව්වරුන් ද ග්‍රීක්වරුන් ද ඇදහිල්ලට පමුණුවාගන්නට උත්සාහ කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 ඔහු සියලු සබත් දවස්වල සිනගෝගයෙහිදී තර්කකර, යුදෙව්වරුන්ද ග්‍රීක්වරුන්ද ඇදහිල්ලට පමුණුවාගන්ට උත්සාහකළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 18:4
18 හුවමාරු යොමු  

එනිසා ස්වාමින්වහන්සේට භයවීම කුමක්දැයි දන්නා අපි, මිනිසුන්ට ඒත්තු ගැන්වීමට වැර දරන්නෙමු. අප කවුරුන්දැයි දෙවියන්වහන්සේ දන්නා සේක. අප කවුරුන්දැයි ඔබේ හෘදය සාක්ෂියත් එලෙසම දන්නේය යනු මගේ බලාපොරොත්තුවයි.


පාවුල් හමුවීමට දිනයක් නියම කර ගත් ඔවුහු, එදින ගණනින් අති මහත් පිරිසක් පාවුල්ගේ නවාතැනට රැස් වූහ. පාවුල් උදය පටන් සවස දක්වා දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන ඔවුන්ට කරුණු පැහැදිලි කරමින්, මෝස‍ෙස්ගේ දහම් නීති සංග්‍රහය හා දිවැසිවරුන්ගේ ලියවිලි ගෙන හැර පාමින් යේසුස්වහන්සේ ගැන ඔවුන්ට ඒත්තු ගන්වන්නට උත්සාහ ගත්තේ ය.


එබැවින් ඔහු සිනගෝගයේදී යුදෙව්වන් හා දේව භක්තික ග්‍රීකයින් සමඟ ද වෙළඳ පොළට දිනපතා ගොස්, එහිදී ඔහුට හමුවූවන් සමඟ ද තර්ක කළේ ය.


එවිට අග්‍රිපා රජු පාවුල් අමතමින්, “වැඩි උත්සාහයක් නැතුවම ඔබ මා ක්‍රිස්තියානිකාරයකු කරන්නට සිතනවා වගේ යැ?” යි පැවසී ය.


එහෙත් මේ මිනිසා, පාවුල් එපීසයෙහි පමණක් නො ව ආසියා කලාපය පුරා මහත් ගණනාවක් ජනයා තම පැත්තට හරවාගෙන, ඔවුන් මුළා කරන හැටි ඔබ අසනවා; ඔබ දකිනවා; ඔහු කියන්නේ, මිනිස් අතින් සාදන දෙවිවරු සැබෑ දෙවිවරු නො වේ කියලයි.


පාවුල් සිනගෝගයට ගොස්, දෙවියන්වහන්සේගේ රාජ්‍යය ගැන නිර්භීතව වාද කරමින් හා සිත් පොලඹවන අයුරින් තුන් මසක් කතා කළේ ය.


“මේ මිනිහා දහම් නීතියට පටහැනි විදියට දෙවියන්වහන්සේට නමස්කාර කරන්නට ජනයා පොලඹවනවා” යි කියමින් චෝදනා කළහ.


බෙරියයෝ තෙසලෝනිකයින්ට වඩා මහත්මා ගති ඇත්තෝ වූහ. පණිවුඩය බලවත් ඕනෑකමින් පිළිගත් ඔවුහු පාවුල් කී දෑ සත්‍යදැයි බලන්නට දිනපතා ශුද්ධ ලියවිලි පිරික්සූහ.


ඔවුහු පර්ගාහි සිට පිසිදියාහි අන්තියෝකිය බලා ගියහ. ඔවුහු සබත් දවසේ එහි සිනගෝගයට පිවිස අසුන් ගත්හ.


“ඔහු පිළිතුරු දෙමින්, ‘ඔවුන්, දිවැසිවරුන්ටත් සවන් දෙන්නේ නැතිනම්, යමෙක් මරණින් නැගිට ආවත්, ඔවුන්ට ඒත්තුගැන්විය නො හැකි ය’ කියා කීවා.”


තමන් හැදී වැඩුණු නාසරෙත් වෙත පැමිණි උන්වහන්සේ සබත් දින සුපුරුදු ලෙස සිනගෝගයට ගිය සේක. කියවීමට උන්වහන්සේ නැගිට සිටගත් කල,


යුදෙව්වෝ එකිනෙකාට කතා කරමින්, “මේ මිනිසා සිතා සිටින්නේ අපට සොයාගන්නට බැරි ලෙස කොහේ යන්නට ද? ග්‍රීක්වරුන් අතර විසිරවනු ලැබූවන් වෙත ගොස්, ග්‍රීකවරුන්ට උගන්වන්නට අදහස් කරනවා ද?


කල් නො යවා දමස්කයේ සිනගෝගවලදී යේසුස්වහන්සේ දේශනා කළ සාවුල්, “උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැ” යි ප්‍රකාශ කරන්නට වන්නේ ය.


ඉකෝනියෙහි දී පාවුල් හා බාර්ණබස් යුදෙව් සිනගෝගයට ගොස් දේශනා කළහ. එහි ප්‍රතිඵලය වූයේ, යුදෙව්වන් හා ග්‍රීකයින් මහත් සංඛ්‍යාවක් අදහා ගැනීමයි.


ඔවුහු එපීසය වෙත පැමිණියහ. එහිදී ප්‍රිිස්කිලා හා අකිලාගෙන් වෙන් වූ පාවුල් සිනගෝගයට ගොස්, යුදෙව්වන් හා තර්ක කළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්