Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 18:23 - සිංහල කාලීන පරිවර්තනය

23 කලක් එහි ගත කළ ඔහු පිටත්ව, ගලාතිය හා පිරිගිය පෙදෙස් ඔස්සේ තැනකින් තැනකට ගමන් කළේ සියලු ගෝලයින් ධෛර්යවත් කරමිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

23 ඔහු එහි කලක් ගත කළ පසු පිටත් ව ගලාතිය සහ පිරිගිය යන පළාත් මැදින් යමින් සියලු ශ්‍රාවකයන් ධෛර්යවත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ඔහු එහි කලක් ගත කළ පසු පිටත් ව ගලාතිය සහ පිරිගිය යන පළාත් මැදින් යමින් සියලු ශ්‍රාවකයන් ධෛර්යවත් කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 ඔහු එහි කලක් පසුකොට පිටත්ව පිළිවෙළින් ගලාතියේ සහ පිරිගියේ පළාත මැදින් ගොස් සියලු ගෝලයන් ස්ථිරකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 18:23
22 හුවමාරු යොමු  

ගෝලයින්ගේ සිත් සවිමත් කරමින්, ඇදහිල්ලේ ස්ථිරව පවතින්නට ඔවුන් දිරිමත් කළහ. “දෙවියන්වහන්සේගේ රාජ්‍යයට ඇතුළු වීමට අප මහත් දුෂ්කරතා මැදින් යා යුතුව ඇතැ” යි ඔවුහු කීහ.


ආසියා කලාපයේ වචනය කතා කිරීම ශුද්ධාත්මයාණන්වහන්සේ විසින් තහනම් කරන ලදුව, ඔවුහු පිරිගිය හා ගලාතිය පෙදෙස් ඔස්සේ ගමනේ යෙදුණහ.


සභා සවිමත් කරමින් සිරියා හා සිලිසියා හරහා ගමන් ගත්තේ ය.


දිවැසිවරුන් වූ යූදස් හා සීලස් සහෝදරයින් ධෛර්යවත් කරමින් හා ඔවුන් ශක්තිමත් කරමින් බොහෝ දෑ පැවසූහ.


සහෝදරයිනි, අලස වූවන්ට අවවාද කරන ලෙසත්, බියසුළුවූවන් දිරි ගන්වන ලෙසත්, දුබලවූවන්ට ආධාර කරන ලෙසත්, හැම කෙනකු සමඟම ඉවසිල්ලෙන් කටයුතු කරන ලෙසත් අපි ඔබෙන් උදක්ම ඉල්ලන්නෙමු.


මාගේ රෝගය ඔබට පරීක්ෂාවක් වුවත්, ඔබ මා පිළිකුල් කළේවත්, අවඥාවට ලක් කළේවත් නැත. සැබෑවට ඔබ මා පිළිගත්තේ දෙවියන්වහන්සේගේ දූතයකු පරිද්දෙනි; ක්‍රිස්තුස් යේසුස්වහන්සේ පරිද්දෙනි.


දැන්, ශුද්ධවතුන්ට සම්මාදම් ගැන: මා ගලාතියෙහි සභා යොමු කළ දෑට ඔබත් යොමු වන්න.


එබැවින් මෙවදන්වලින් එකිනෙකා දිරි ගන්වන්න.


අපගේ සහෝදරයා හා ක්‍රිස්තුස්වහන්සේගේ ශුභාරංචිය පැතිරවීමේ දෙවියන්වහන්සේගේ හවුල් සේවකයා වූ තිමෝති ඔබ වෙත එවීමු. ඒ ඔබගේ ඇදහිල්ල තුළ ඔබ ධෛර්යවත් කර, ස්ථිරව සිටුවන්නට ය.


මා සමඟ සිටින සියලු සහෝදරයින් වෙතින්, ගලාතියේ සභා වෙතයි:


සිර ගෙයින් පිටතට ආ පාවුල් හා සීලස් ලිදියාගේ නිවසට ගියහ. එහිදී හමු වූ සහෝදරයින් දිරිගැන්වූ ඔවුහු පිටත්ව ගියහ.


එවිට දේව දූතයෙක් ස්වර්ගයෙන් පහළ වී උන්වහන්සේ ශක්තිමත් කළේ ය.


එහෙත් නුඹේ ඇදහිල්ල නැති වී නො යන පිණිස, ඔබ උදෙසා මා යාච්ඤා කළා; ඔබ නැවත ආපසු හැරුණාම, ඔබේ සහෝදරයින් ශක්තිමත් කරන්නැ” යි පැවසූ සේක.


මුල සිට ඒ සියලු දෑ විමසා බැලූ පසු, ඒවා අනුපිළිවෙලින් ඔබට ලියා එවීම මැනවයි මා අදහස් කළේ, ගරු තියෝපිලස් තුමනි,


පිරිගිය, පම්පිලිය, ඊජිප්තුව සහ සිරේනිය අයත් ලිබියේ පළාත් යන දේශ දේශයන්හි වැසියන් ද රෝමයෙන් පැමිණි අමුත්තන් ද


අපොල්ලොස් කොරින්තියෙහි සිටියදී, පාවුල් රට මැද්දෙන් ගමන් කර, එපීසය වෙත ළඟා විය. එහිදී ඔහුට ගෝලයින් ඇතමකු හමු වී,


කලින් අප කී පරිදි, දැන් මම යළිත් කියමි; ඔබ පිළිගෙන ඇති එක හැර වෙන ශුභාරංචියක් යමකු ඔබට දේශනා කරන්නේ නම්, ඔහු ශාප ලද්දෙක්ම වේවා!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්