Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 17:6 - සිංහල කාලීන පරිවර්තනය

6 එහෙත් එහිදී ඔවුන් හමු නො වූ බැවින්, ඔවුහු ජේසන් ද සහෝදරයින් තවත් කීප දෙනකු ද අල්ලා, නගර බලධාරීන් වෙත ඔවුන් ගෙන යමින් කෑ මොර දෙන්නට වන්හ, “ලොව හැම තැන පෙරළි ඇති කළ මිනිස්සු මෙන්න! දැන් මෙහාටත් ඇවිල්ලා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 එහෙත් ඒ දෙදෙනා සොයා ගත නොහැකි වූ බැවින්, ඒ වෙනුවට ජාසොන් සහ සමහර සහෝදරයන් ද, නුවර මුළාදෑනීන් ළඟට ඇද ගෙන ගොස්, “ලෝකය පෙරලූ මේ අය මෙහි ද පැමිණ සිටිති; ජාසොන් ඔවුන් පිළිගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 එහෙත් ඒ දෙදෙනා සොයා ගත නොහැකි වූ බැවින්, ඒ වෙනුවට ජාසොන් සහ සමහර සහෝදරයන් ද, නුවර මුළාදෑනීන් ළඟට ඇද ගෙන ගොස්, “ලෝකය පෙරලූ මේ අය මෙහි ද පැමිණ සිටිති; ජාසොන් ඔවුන් පිළිගත්තේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 නුමුත් ඔව්හු ඔවුන් සොයා නොදැක, යාසොන් සහ සමහර සහෝදරයන්ද නුවර මුලාදෑනීන් ළඟට ඇදගන ගොස්: ලෝකය පෙරළුවාවූ මොව්හු මෙහිත් ඇවිත් සිටිති;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 17:6
18 හුවමාරු යොමු  

රාජ්‍යය පිළිබඳ මේ ශුභාරංචිය සියලු ජාතීන්ට සාක්ෂියක් වශයෙන් ලොව මුළුල්ලේ ප්‍රකාශ කරනු ලබනු ඇත. ඉන්පසු අවසානය පැමිණේ.


එහෙත් ඔවුහු උදක්ම බල කරමින්, “ඔහු ගලීලයේ සිට මෙතැන් දක්වා මුළු යුදය පුරා උගන්වමින් ජනයා කලඹවතැ” යි කීහ.


එදවස්හි එකසිය විසි දෙනකුගෙන් පමණ සමන්විත සහෝදරයින් අතරේ නැගී සිටගත් පේතෘස් කතා කරමින්,


රෑ වූ විගස සහෝදරයෝ පාවුල් හා සීලස් බෙරියා වෙත පිටත් කළහ. බෙරියා වෙත පැමිණි ඔවුහු, එහි යුදෙව් සිනගෝගයට ගියහ.


එබැවින් සහෝදරයෝ ඒ විගස පාවුල් මුහුදු වෙරළට පිටත් කර යැවූහ. එහෙත් සීලස් හා තිමෝති බෙරියාහි නතර වූහ.


මන්ද තමන් විසින් තෝරා ගන්නා ලද මනුෂ්‍යයා ලවා උන්වහන්සේ ලෝකයා ධර්මිෂ්ඨව විනිශ්චය කරන දවසක් දෙවියන්වහන්සේම නියම කොට තිබේ. එම මනුෂ්‍යයා මළවුන්ගෙන් නැගිටුවීම තුළින් උන්වහන්සේ සකල ජනයාට ම මේ සම්බන්ධව සහතිකයක් දී තිබේ.”


එහෙත් යුදෙව්වෝ ඊර්ෂ්‍යාවෙන් යුතුව, මඟ තොට හුන් මැරවරයින් කීප දෙනෙක් කැඳවා, දාමරික කල්ලියක් හදා නගරය තුළ කැලඹීම් ඇති කරන්නට වන්හ. ඔවුහු පාවුල් හා සීලස් අල්ලා, සමූහයා ඉදිරියට ගෙන යෑමේ අදිටනින් ඔවුන් සොයා ජේසන්ගේ නිවසට කඩා වැදුණහ.


“මේ මිනිසා ලොව පුරා යුදෙව්වන් කැරලිකාරකමට පොලඹවන අයෙක් බව අපි දැන ගතිමු. ඔහු නාසරීනු නිකායේ කල්ලි නායකයෙක්.


එහෙත් ඔබේ මතය අසා දැනගන්නට අපි කැමතියි; මොකද මේ නිකායට එරෙහිව හැම තැනකම කතා කෙරෙන වග අප දන්නවා” යි කීහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්