Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 17:26 - සිංහල කාලීන පරිවර්තනය

26 මුළු පොළෝ තලය මත වාසය කරන පිණිස, උන්වහන්සේ එක් මිනිසකුගෙන් ලොව හැම මිනිස් ජාතියක්ම මැවූ සේක්, ඔවුන් සිටිය යුතු කාල වකවානු ද විසිය යුතු ස්ථාන සීමාවන් ද නියම කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

26 උන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ සේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථානවල සීමා ද නියම කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 උන් වහන්සේ එක් මිනිසෙකුගෙන් සකල මිනිස් සංහතිය මවා වදාළ සේක. මිහි පිට වාසය කරන පිණිස නියමිත කාලයන් ද වාසස්ථානවල සීමා ද නියම කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 උන්වහන්සේ පිළියෙළකළ කාලවල්ද සියලු මනුෂ්‍ය ජාතීන්ගේ වාසස්ථානවල සීමාද නියමකොට, මුළු පොළෝතලයෙහි වාසය කරන පිණිස එක්කෙනෙකුගෙන් ඔවුන් මැවූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 17:26
20 හුවමාරු යොමු  

එහෙත් එකල ද තමන්වහන්සේ ගැන සාක්ෂි දැරීම අත්හරින්නේ නැතිව, අහසින් වැස්ස එවා, නිසි කල අස්වනු දීමෙන් ද බහුල ලෙස ආහාර සැපයීමෙන් හා ඔබගේ සිත් සොම්නසින් පුරවමින් ද උන්වහන්සේ ඔබට කරුණාව පෑවා” යි කීවේ ය.


ඉහත අනාදියේ පටන් මේ සියල්ල ගැන දන්වන්නා වූ ස්වාමින්වහන්සේ පවසන්නාහ’ යනුයි.


මන්ද ආදම් තුළ හැමෝම මැරෙන්නා සේ, ක්‍රිස්තුස්වහන්සේ තුළ සියල්ලෝ ජීවනයට ගෙනෙනු ලබති.


පළමු මිනිසා භූමියෙනි; දූවිල්ලෙන් වූ මිනිසෙකි. දෙවන මිනිසා ස්වර්ගයෙනි.


ඒ සා ශ්‍රේෂ්ඨ ගැලවීම නො සලකා සිටියොත් අප කොහොම ගැලවෙන්න ද? එය පළමු කොට ස්වාමින්වහන්සේ විසින් ප්‍රකාශ කරන ලදුව, එය ඇසූවන් විසින් අපට සහතික කර ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්