Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 15:35 - සිංහල කාලීන පරිවර්තනය

35 පාවුල් හා බාර්ණබස් අන්තියෝකියේදී නැවතී තවත් බොහෝ දෙනකු ද සමඟ ස්වාමින්වහන්සේගේ වචනය ඉගැන්වීමෙහි හා දේශනා කිරීමෙහි නියැළුණහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

35 පාවුලු ද බාර්ණබස් ද තවත් බොහෝ දෙනෙකු සමඟ සමිඳාණන් වහන්සේගේ සුබ අස්න උගන්වමින් ද දේශනා කරමින් ද අන්තියෝකියෙහි නැවතී සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

35 පාවුලු ද බාර්ණබස් ද තවත් බොහෝ දෙනෙකු සමඟ සමිඳාණන් වහන්සේගේ සුබ අස්න උගන්වමින් ද දේශනා කරමින් ද අන්තියෝකියෙහි නැවතී සිටියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

35 නුමුත් පාවුල්ද බාර්ණබස්ද වෙනත් බොහෝ දෙනෙකු සමඟ ස්වාමීන්වහන්සේගේ වචන උගන්වමින්ද ප්‍රකාශකරමින්ද අන්තියෝකියෙහි නැවතී සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 15:35
11 හුවමාරු යොමු  

වචනය දේශනා කරන්න; කලටත්, අකලටත් සූදානමින් සිටින්න; වරද පෙන්වා දීමත්, තරවටු කිරීමත්, දිරිගැන්වීමත් කළ යුත්තේ, පූර්ණ ඉවසීමෙන් හා උපදෙසින් යුතුව ය.


එබැවින් හැම කෙනකුම ක්‍රිස්තුස්වහන්සේ තුළ සම්පූර්ණත්වයෙන් දෙවියන්වහන්සේට පිළිගන්වනු පිණිස, අපි මුළු ප්‍රඥාවෙන් යුතුව හැම කෙනකුටම ගුරුහරුකම් දෙමින් ද හැම කෙනකුටම උගන්වමින් ද ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරන්නෙමු.


අන්තියෝකියේ සභාවේ දිවැසිවරු හා ගුරුවරු වූහ. ඔවුහු නම්, බාර්ණබස්, නීගර් නමින් හැඳින් වූ සිමියොන්, සිරේනියානු ලුසියස්, හෙරෝද් ප්‍රාන්ත රජ සමඟ ඇති දැඩි වූ මානායින් හා සාවුල් ය.


දේශකයකු හා අපෝස්තුලුවරයකු ලෙස හා අන්‍ය-ජාතීන් උදෙසා ඇදහිල්ලේ හා සත්‍යයේ ගුරුවරයකු ලෙස මා පත් කරනු ලැබ ඇත්තේ ඒ සඳහා ය. මා කියන්නේ ඇත්ත ය; මා බොරු කියන්නේ නැත.


කිසිදු බාධාවකින් තොරව, එඩිතරව, දෙවියන්වහන්සේගේ රාජ්‍යය දේශනා කරමින්, යේසුස් ක්‍රිස්තුස් ස්වාමින්වහන්සේ පිළිබඳව ඉගැන්වී ය.


පාවුල් හා බාර්ණබස් එම ගෝලයින් සමඟ බොහෝ කලක් නැවතී සිටියහ.


විසිරවනු ලැබූවෝ ගිය ගිය තැන්හි ශුභාරංචිය දේශනා කළහ.


බාර්ණබස් හා සාවුල් තමන්ගේ මෙහෙය නිමවා, මාර්ක් නම් වූ යොහන් ද කැටිව යෙරුසලමේ සිට ආපසු ගියහ.


සිදු වූ දේ දුටු පළාත් ආණ්ඩුකාරයා ඇදහිල්ල වැලඳ ගත්තේ ය. මන්ද ස්වාමින්වහන්සේගේ ඉගැන්වීම් ගැන ඔහු විස්මපත් විය.


එහෙත් සීලස් එහි නැවතීමට තීරණය කළේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්