Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 15:33 - සිංහල කාලීන පරිවර්තනය

33 මද කලක් ඔවුන් එහි ගත කළ පසු, සහෝදරයෝ ඔවුන් එවනු ලැබූවන් වෙත සාමයෙන් ඔවුන් ආපසු පිටත් කර යැවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

33 ඔවුන් කලක් එහි නැවතී සිටි පසු සහෝදරයෝ ඔවුනට දේව පිහිට පතා, ඔවුන් එවූ අය වෙත ආපසු යැවූ හ. එහෙත්

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 ඔවුන් කලක් එහි නැවතී සිටි පසු සහෝදරයෝ ඔවුනට දේව පිහිට පතා, ඔවුන් එවූ අය වෙත ආපසු යැවූ හ. එහෙත්

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 ඔව්හු කලක් එහි සිට පසු, ඔවුන් එවූ අය වෙතට සමාදානයෙන් සහෝදරයන් වෙතින් යවනලද්දෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 15:33
9 හුවමාරු යොමු  

එවිට ඇය ඇමතූ උන්වහන්සේ, “දියණිය, ඔබේ ඇදහිල්ල ඔබ සුව කර ඇත; සාමයෙන් යන්න, පීඩාවෙන් සුවය ලබන්නැ” යි පැවසූ සේක.


ඉන්පසු තමන් අතරින් මිනිසුන් කීප දෙනකු තෝරා, පාවුල් හා බාර්ණබස් සමඟ අන්තියෝකිය වෙත යැවීම සුදුසු වග අපෝස්තුලුවරුනට හා සභා-මූලිකයනට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. සහෝදරයින් අතර නායකයින් වූ බර්සබස් නම් ලත් යූදස් ද සීලස් ද ඒ කාරිය සඳහා තෝරාගත් ඔවුහු,


එහෙත් සීලස් එහි නැවතීමට තීරණය කළේ ය.


එවිට පාවුල් ඇමතූ සිරගෙයි නිලධාරියා, “ඔබ දෙපොළ නිදහස් කරන්නැයි විනිසුරුවන් නියෝගයක් එවලා; දැන් මින් පිට වී යෑමට ඔබට පුළුවනි; සමාදානයෙන් යන්නැ” යි පැවසී ය.


එබැවින් කිසිවකු ඔහු සුළු කොට නො සලකත්වා; මා වෙත සාමයෙන් ආපසු එන පිණිස, ඔහුගේ ගමනට උපකාර කරන්න; සෙසු සහෝදරයින් සමඟ ඔහුගේ පැමිණීම මම බලාපොරොත්තුව සිටිමි.


අකීකරුවූවන් සමඟ රාහබ් පුරඟන විනාශ නො වූයේ ඇදහිල්ලෙනි. මන්ද ඈ ඔත්තුකරුවන් පිළිගත්තේ මිත්‍රත්වයෙනි.


ඔබ වෙත එන කවුරුන් වුව ද, මෙම ඉගැන්වීම ගෙන එන්නේ නැතිනම්, ඔබේ ගෙදරට ඒ අය නො පිළිගන්න; ආචාර නො කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්