Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 12:11 - සිංහල කාලීන පරිවර්තනය

11 එවිට පේතෘස් පියවි සිහි ලැබ, “ස්වාමින්වහන්සේ තම දූතයා එවා, හෙරෝද්ගේ ග්‍රහණයෙන් හා යුදෙව් ජනයාගේ මුළු අභිලාශයෙන් මා මුදා ගත් වග නිසැකව ම මා දැන් දන්නවා” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 එවිට පේදුරු පියවි සිහිය ලැබ, කතා කොට, “සමිඳාණන් වහන්සේ තමන් දූතයා එවා, හෙරොද්ගේ බලයෙන් ද ජුදෙව් ජනතාවගේ සියලු බලාපොරොත්තුවලින් ද මා මිදූ බව සැබැවින් ම දනිමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එවිට පේදුරු පියවි සිහිය ලැබ, කතා කොට, “සමිඳාණන් වහන්සේ තමන් දූතයා එවා, හෙරොද්ගේ බලයෙන් ද ජුදෙව් ජනතාවගේ සියලු බලාපොරොත්තුවලින් ද මා මිදූ බව සැබැවින් ම දනිමි”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 පේතෘස් සිහි ලැබ කථාකොට: ස්වාමීන්වහන්සේ තමන් දූතයා එවා හෙරොද්ගේ අතින්ද යුදෙව් සෙනඟගේ මුළු බලාපොරොත්තුවෙන්ද මා මිදූ බව දැන් සැබවින් දනිමියි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 12:11
27 හුවමාරු යොමු  

“ඔහු හරි සිහි කල්පනාවට පැමිණ, ‘මගේ පියාගේ කුලී වැඩකරුවන් එපමණ දෙනකුට ඕනෑවටත් වඩා ආහාර තියෙද්දී, මා මෙහෙ හාමතේ නැහෙනවා.


ස්වාමින්වහන්සේගේ දූතයකු හදිසියේ එහි පෙනුණි; මැදිරිය තුළ එළියක් බැබළිණි. ඔහු පේතෘස්ගේ ඇලයට තට්ටු කර ඔහු පුබුදුවා, “හනික නැගිටින්නැ” යි කීවේ ය. එවිට පේතෘස්ගේ දෑත බැඳුණු යදම්, ලිහී වැටිණි.


එහෙත් වසර දෙකකට පසු පීලික්ස්ගේ තනතුරට පොර්කියස් පෙස්තුස් පත්ව ආවේ ය. යුදෙව්වන් සතුටු කිරීමට කැමති වූ පීලික්ස්, පාවුල් සිරබාරයේම සිටින්නට හැරියේ ය.


එහෙත් යුදෙව්වන් සතුටු කරන්නට කැමති වූ පෙස්තුස් පාවුල් අමතමින්, “හොඳයි, යෙරුසලමට ගොස්, මා ඉදිරියේ මේ චෝදනා ගැන නඩු විභාගයට සූදානම් දැ?” යි ඇසී ය.


එහෙත් එදින රාත්‍රියේ ස්වාමින්වහන්සේගේ දූතයෙක් සිරගෙයි දොරටු හැර, ඔවුන් පිටතට ගෙනවුත්, කතා කොට,


ඔවුන් සියල්ලෝ ගැලවීමේ උරුමය ලබන්නට සිටින්නන්ට සේවය කරන පිණිස, එවනු ලැබූ සේවා ආත්මයෝ නො වෙත් ද?


දේව භක්තිකයින් පරීක්ෂාවන්ගෙන් ගලවන්නේ කෙසේ ද යන්නත්, විනිශ්චය දවස දක්වා අදමිටුවන් ඔවුන්ගේ දඬුවම් යටතේ දිගටම තබා ගන්නේ කෙසේ ද යන්නත් ස්වාමින්වහන්සේ දන්නා සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්