Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 11:20 - සිංහල කාලීන පරිවර්තනය

20 එහෙත් සයිප්‍රස් හා සිරේනියා වැසියන් වූ ඔවුන්ගෙන් ඇතමෙක් අන්තියෝකිය වෙත ගොස්, යේසුස් ස්වාමින්වහන්සේ පිළිබඳ ශුභාරංචිය ග්‍රීකයින්ටත් ප්‍රකාශ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

20 එහෙත් ඔවුන් අතරෙන් සයිප්‍රසයේ ද සිරේනියේ ද වැසියන් වූ සමහරෙක් අන්තියෝකියට පැමිණ, ග්‍රීකයනටත් කතා කරමින්, ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

20 එහෙත් ඔවුන් අතරෙන් සයිප්‍රසයේ ද සිරේනියේ ද වැසියන් වූ සමහරෙක් අන්තියෝකියට පැමිණ, ග්‍රීකයනටත් කතා කරමින්, ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

20 නුමුත් කුප්‍රසේද කිරේනියේද මනුෂ්‍යයෝවූ ඔවුන්ගෙන් සමහරෙක් අන්තියෝකියට පැමිණ ග්‍රීකයන්ටත් කථාකරමින්, ස්වාමිවූ යේසුස්වහන්සේ ගැන දේශනාකළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 11:20
28 හුවමාරු යොමු  

අන්තියෝකියේ සභාවේ දිවැසිවරු හා ගුරුවරු වූහ. ඔවුහු නම්, බාර්ණබස්, නීගර් නමින් හැඳින් වූ සිමියොන්, සිරේනියානු ලුසියස්, හෙරෝද් ප්‍රාන්ත රජ සමඟ ඇති දැඩි වූ මානායින් හා සාවුල් ය.


ඔවුන් පිටතට යද්දී, නමින් සීමොන් වූ සිරේනියායනු මිනිසෙක් ඔවුනට මුණ ගැසිණි. උන්වහන්සේගේ කුරුසිය උසුලාගෙන යෑමට ඔවුහු ඔහුට බල කළහ.


සියලු ශුද්ධවන්තයින් අතරේ ඉතාම සුළු තැනැත්තා මා වුවත්, මට ඒ අනුග්‍රහය දී ඇත්තේ, තේරුම් ගෙන නිම කළ නො හැකි ක්‍රිස්තුස්වහන්සේගේ ඉසුර අන්‍ය-ජාතිකයිනට ප්‍රකාශ කිරීමටත්,


එහෙත් නිදහස් මිනිස් සිනගෝගය ලෙස හැඳින්වුණු සිනගෝගයට අයිති වූවෝ නැගිට, ස්තේපන්ට එරෙහිව වාද කරන්නට වූහ. ඔවුහු සිරේනියේ හා ඇලෙක්සන්ද්‍රියාවේ ද සිලිසියා හා ආසියා පෙදෙස්වලින් ද පැමිණියෝ වූහ.


පිරිගිය, පම්පිලිය, ඊජිප්තුව සහ සිරේනිය අයත් ලිබියේ පළාත් යන දේශ දේශයන්හි වැසියන් ද රෝමයෙන් පැමිණි අමුත්තන් ද


මන්ද ඔබ අතර සිටියදී යේසුස් ක්‍රිස්තුස්වහන්සේත්, උන්වහන්සේ කුරුසිපත් වීමත් මිස, අන් කිසිවක් නො දැන සිටින්නට මම තීරණ කර සිටියෙමි.


එහිදී එපිකූරිය හා ස්තෝයික දාර්ශනිකයින් කණ්ඩායමක් ද ඔහුට මුණ ගැසුණහ. ඔවුන්ගෙන් ඇතමෙක්, “මේ වාචාලයා කියන්නට අර අඳින්නේ මොනවා දැ?” යි පැවසූහ. සෙසු අය අදහස් දක්වමින්, “මොහු විදේශ දෙවිවරුන් ප්‍රචාරය කරන්නකු සේ පෙනේ” යි කීහ. එසේ කීවේ, පාවුල් යේසුස්වහන්සේ ගැන ද මරණින් නැගිටීම ගැන ද දේශනා කළ බැවිනි.


ඔහු ග්‍රීක් කතා කළ යුදෙව්වන් හා සාකච්ඡා කළේ ය; වාද කළේ ය. එහෙත් ඔවුහු, ඔහු මරා දමන්නට මං සෙවූහ.


කල් නො යවා දමස්කයේ සිනගෝගවලදී යේසුස්වහන්සේ දේශනා කළ සාවුල්, “උන්වහන්සේ දෙවියන්වහන්සේගේ පුත්‍රයා යැ” යි ප්‍රකාශ කරන්නට වන්නේ ය.


එවිට එම ශුද්ධ ලියවිලි වැකියෙන් තම කතාව ඇරඹූ පිලිප්, යේසුස්වහන්සේ පිළිබඳ ශුභාරංචිය ඔහුට පැවසී ය.


සමාරියේ නගරයකට ගිය පිලිප්, එහි ජනයාට ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කළේ ය.


ඔවුන් දිනපතා දේව මාලිගයේ මෙන්ම නිවසක්, නිවසක් පාසා ගොස් ඉගැන්වීමත්, යේසුස්වහන්සේ ක්‍රිස්තුස්වහන්සේ ය යන ශුභාරංචිය ප්‍රකාශ කිරීමත් නැවැත් වූයේ නැත.


අපෝස්තුලුවරුන් විසින් බාර්ණබස් යයි හැඳින් වූ (එහි අරුත දිරි ගන්වන පුත්‍රයා යනුයි) යෝසෙප් නම් මිනිසෙක් විය. ලෙවී වාංශිකයෙක් වූ ඔහු සයිප්‍රස් වැසියෙකි.


යුදෙව්වෝ එකිනෙකාට කතා කරමින්, “මේ මිනිසා සිතා සිටින්නේ අපට සොයාගන්නට බැරි ලෙස කොහේ යන්නට ද? ග්‍රීක්වරුන් අතර විසිරවනු ලැබූවන් වෙත ගොස්, ග්‍රීකවරුන්ට උගන්වන්නට අදහස් කරනවා ද?


අනුගාමික සංඛ්‍යාව වර්ධන වෙමින් පැවති එකල, ග්‍රීක් කතා කළ යුදෙව්වන් හෙබ්‍රෙව් කතා කළවුනට දොස් පවරන්නට වූයේ, දිනපතා ආහාර බෙදීමේදී ඔවුන්ගේ වැන්දඹුවන් නො සලකා තිබූ බැවිනි.


මෙම යෝජනාවට කණ්ඩායමේ සියල්ලෝ ප්‍රසන්න වූහ. එබැවින් ඔවුහු ඇදහිල්ලේ හා ශුද්ධාත්මයාණන්ගෙන් පූර්ණ ස්තේපන් ද පිලිප්, ප්‍රකොරස්, නිකනෝර්, තීමෝන් හා පර්මෙනස් ද යූදා දහම වැලඳගත් අන්තියෝකියානු නිකෝලස් ද තෝරා ගත්හ.


ස්තේපන් සම්බන්ධ පීඩාව හේතුවෙන් විසිරවනු ලැබූවෝ යුදෙව්වනට පමණක් වචනය පවසමින්, පිනීකිය, සයිප්‍රස් හා අන්තියෝකිය දක්වා ගමන් කළහ.


මෙම පුවත් යෙරුසලම් සභාවේ සවන් වැකිණි. එබැවින් ඔවුහු අන්තියෝකිය වෙත බාර්ණබස් යැවූහ.


ඔහු සම්භව අන්තියෝකිය වෙත කැඳවාගෙන ආවේ ය. මෙසේ බාර්ණබස් හා සාවුල් අන්තියෝකියේ සභාව හමුවට ගොස්, අවුරුද්දක් මුළුල්ලේ බොහෝ දෙනකුට ඉගැන්වූහ. ගෝලයින් ක්‍රිස්තියානි යන නමින් මුලින්ම අමතනු ලැබුවේ අන්තියෝකියේදී ය.


මේ කාලයේ දිවැසිවරුන් කීප දෙනෙක් යෙරුසලමේ සිට අන්තියෝකිය වෙත පැමිණියහ.


එතැනින් නැව් නැගුණු ඔවුහු, ආපසු අන්තියෝකිය බලා යාත්‍රා කළහ. ඔවුන් විසින් ඉටු කරන ලද සේවාව සඳහා දෙවියන්වහන්සේගේ අනුග්‍රහයට ඔවුන් කැප කරන ලද්දේ මෙහිදී ය.


ඉන්පසු තමන් අතරින් මිනිසුන් කීප දෙනකු තෝරා, පාවුල් හා බාර්ණබස් සමඟ අන්තියෝකිය වෙත යැවීම සුදුසු වග අපෝස්තුලුවරුනට හා සභා-මූලිකයනට ද මුළු සභාවට ද පෙනී ගියේ ය. සහෝදරයින් අතර නායකයින් වූ බර්සබස් නම් ලත් යූදස් ද සීලස් ද ඒ කාරිය සඳහා තෝරාගත් ඔවුහු,


ඔවුන් අත මෙසේ ලියා යැවූහ: අන්තියෝකියේ ද සිරියාහි ද සිලිසියාහි ද වෙසෙන අන්‍ය-ජාතික සහෝදරයින් වෙතයි. අපෝස්තුලුවරුන් හා සභා-මූලිකයන් වන ඔබේ සහෝදරයින් වන අපි ඔබට, ආචාර කරන්නෙමු.


මෙසේ යවනු ලැබූ අය අන්තියෝකිය වෙත ගොස්, එහි සභාව එක්රැස් කරවා, ලිපිය බාර දුන්හ.


කායිසාරියට ගොඩ බැස්සේ ය. ඔහු ගොස් සභාව හමු වී, ඔවුනට ආචාර කොට, අන්තියෝකියට ගියේ ය.


කේපස්, අන්තියෝකිය වෙත ආ කල, ඔහු වරද කර සිටියෙන්, මම ඔහුගේ මුහුණටම විරෝධය පෑමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්