Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 3:1 - සිංහල කාලීන පරිවර්තනය

1 “සර්දිස් සභාවේ දේව දූතයාට මෙසේ ලියන්න: “දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා හා තාරකා හත ඇති තැනැත්තාණන්ගේ වචන මෙසේ ය. “ඔබේ වැඩ මම දනිමි. ඔබ ජීවත් වන බවට ප්‍රසිද්ධියක් ඇති නමුදු ඔබ මිය ගොසිනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

1 “සර්දිස් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘දෙවියන් වහන්සේගේ ආත්මයන් සත් දෙනා හා තාරකා සත දරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක. ඔබේ ක්‍රියා මම දනිමි. නමින් ඔබ ජීවත් ව සිටියත්, සැබැවින් ම ඔබ මළ කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 “සර්දිස් සභාවේ දූතයා වෙත මෙසේ ලියන්න: ‘දෙවියන් වහන්සේගේ ආත්මයන් සත් දෙනා හා තාරකා සත දරන තැනැන් වහන්සේ, මෙසේ වදාරන සේක. ඔබේ ක්‍රියා මම දනිමි. නමින් ඔබ ජීවත් ව සිටියත්, සැබැවින් ම ඔබ මළ කෙනෙකි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 තවද සර්දිස්හි සභාවේ දූතයාට මෙසේ ලියන්න: දෙවියන්වහන්සේගේ ආත්මයාණන් සත්දෙනාද තාරකා සතද ඇත්තාවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක. එනම්, නුඹේ ක්‍රියා දනිමි, නුඹ ජීවත්ව සිටින බවට නාමයක් ඇතුව සිටින නුමුත් නුඹ මැරිලාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 3:1
30 හුවමාරු යොමු  

එහෙත් කෙළි දෙලෙන් සිටින්නී ජීවත්ව සිටියත් මැරිලා ය.


ආත්මයෙන් තොර සිරුර මළ එකක් සේ ම, ක්‍රියා නැති ඇදහිල්ල ද මළ එකකි.


යොහන් වෙතින්, ආසියාවේ සභා හත වෙතයි: ඔබට අනුග්‍රහයත්, සාමයත් සිටින්නා වූ, සිටියා වූ, මතු ද සිටින්නා වූ තැනැන්වහන්සේගෙන් ද උන්වහන්සේගේ සිංහාසනය අබියස සිටින ආත්මයාණන් සත් දෙනාගෙන් ද


ඔබගේ වරද හේතු කොට හා චර්මඡේද්‍ය නො වූ මාංසයේ සිටීම හේතු කොට ඔබ මැරී සිටියදී දෙවියන්වහන්සේ ඔබ ක්‍රිස්තුස්වහන්සේ සමඟ ජීවනයට පැමිණවූ සේක. අපගේ හැම පාපයකටම උන්වහන්සේ අපට සමාව දුන්නේ,


මොවුහු ඔබගේ ප්‍රේම මංගල්‍යවල ලප කැළැල් ය; බය නැතිව ඔබ සමඟ අහර බුදින මොවුහු තමන් පමණක් පෝෂ්‍ය කරගන්නා එඬේරු ය. සුළඟට ගසාගෙන යන ජලය නැති වලාකුළු ය; දෙවරක් මැරුණු, මුලිනුදුරා දමනු ලැබූ, පල වාරයේ පල නො දැරූ ගස් ය.


“ඔබේ වැඩ ද ඔබේ ප්‍රේමය හා ඇදහිල්ල ද ඔබේ සේවය හා ඉවසා දරා ගැනීම ද මෑතදී ඔබේ වැඩ, මුලදීට වඩා වැඩි බව ද මම දනිමි.


මන්ද මාගේ මේ පුත්‍රයා මැරී, යළි ජීවත්ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා. මෙසේ ඔවුහු ප්‍රීති වන්නට වුණා.


උන්වහන්සේගේ දකුණු අතේ, උන්වහන්සේ තාරකා හතක් දරා සිටි අතර, උන්වහන්සේගේ මුවින් තියුණු දෙමුවහත් කඩුවක් නික්මිණි. උන්වහන්සේගේ මුහුණ පරම කාන්තියෙන් බබළන හිරු මෙන් විය.


අපගේ අපරාධ තුළ අප මැරී සිටියදී පවා, ක්‍රිස්තුස්වහන්සේ සමඟ අප ජීවනයට පැමිණවූ සේක. ඔබ ගලවනු ලැබ ඇත්තේ, අනුග්‍රහයෙනි.


එනමුත් ප්‍රීතිවීම අපට යුතුයි. මන්ද ඔබේ මේ සහෝදරයා මැරී, යළි ජීවත්ව සිටී; ඔහු නැති වී, යළි සම්භ වුණා’ යි කීවා” යි කී සේක.


ඔබගේ අපරාධ හා පාප තුළ ඔබ මැරී සිටි කාලයක් තිබිණි.


“ඔබ වාසය කරන්නේ කොතැනකදැයි මම දනිමි. ඒ, සාතන්ගේ සිංහාසනය ඇති තැනයි. එසේ වුවත්, ඔබ මාගේ නාමය තදින් අල්ලාගෙන සිටී. සාතන් වෙසෙන තැනදී ඔබ අතරේ මරා දමන ලද මාගේ විශ්වාස සාක්ෂිකරු වූ අන්තිපස්ගේ දවස්හිදීවත්, මා කෙරේ තැබූ ඔබේ ඇදහිල්ල ඔබ ප්‍රතික්ෂේප කළේ නැත.


මගේ දකුණු අතේ ඔබ දුටු තාරකා හතේ හා රන් පහන් රුක් හතේ අබිරහසේ අරුත මෙයයි. තාරකා හත, සභා හතේ දේව දූතයින් ය. පහන් රුක් හත, සභා හත ය.


සිංහාසනයෙන් විදුලි අකුණු ධාරා, ශබ්ද රාව හා මේඝ ගර්ජනා නික්මිණි. දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා වන දැල්වෙන පන්දම් හතක් සිංහාසනය ඉදිරිපිට විය.


“ඔබ දකින දෑ පොතක ලියා, එය එපීසය, ස්මර්ණා, පර්ගමම්, තියාතිරා, සර්දිස්, පිලදෙල්පියා හා ලවොදීසියා යන සභා හතට යවන්නැ” යි ඉන් කියැවිණි.


මා මෙතුමාණන් හැඳින සිටියේ නැති නමුත්, වතුරින් බව්තීස්ම කරන්නට මා එවූ තැනැන්වහන්සේ මා අමතා, ‘ආත්මයාණන් බැස අවුත්, යමකු මත රැඳී සිටිනවා ඔබ දකින්නේ ද, ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම කරන තැනැත්තා එතුමාණන් යැ’ යි කී සේක.


උන්වහන්සේගේ පූර්ණත්වයෙන් අප හැම අනුග්‍රහ පිට අනුග්‍රහ ලැබීමු.


එකල සිංහාසනයට හා ජීවමාන සත්වයින් හතර දෙනාට මැදි වී, වැඩිමහල්ලන් අතර සිටගෙන හුන් බැටළු පැටවකු මම දුටුවෙමි. මරන ලද සේ පෙනුණු ඒ බැටළු පැටවාණන්ට අං සතක් හා ලෝකය මුළුල්ලේ පිටත් කර යවන ලද දෙවියන්වහන්සේගේ ආත්මයාණන් හත්දෙනා වන ඇස් හතක් තිබිණි.


ඔවුන් තුළ වූ ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මයාණන්වහන්සේ, ක්‍රිස්තුස්වහන්සේගේ වධ විඳීම් හා ඉන්පසුව සිදුවන තේජස ගැන කලින් සාක්ෂි දුන් කල, පෙන්නුම් කළේ කවරකු ගැන ද, කවර කාලයක් ගැනදැයි විපරම් කරමිනි.


දෙවියන්වහන්සේගේ දකුණු පසට උසස් කරනු ලැබ, උන්වහන්සේ, පියාණන්වහන්සේ වෙතින් පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, දැන් ඔබ අසන, දකින ලෙස මෙසේ අප වෙත වැගුරූ සේක.


එසේ පැවසූ උන්වහන්සේ ඔවුන් පිට හුස්ම හෙළා, “ශුද්ධාත්මයාණන් පිළිගන්න;


දෙවියන්වහන්සේ එවූ තැනැත්තා පවසන්නේ, දෙවියන්වහන්සේගේම වචනයි. මන්ද දෙවියන්වහන්සේ ආත්මයාණන් ප්‍රදාන කරන්නේ සීමාවක් නැතිවයි.


“ඔබගේ පීඩා ද ඔබගේ දිළිඳුකම ද දනිමි. එහෙත් ඔබ ධනවත් ය! යුදෙව්වන් නො වන නමුත් තුමූ යුදෙව්වන්ය කියා ගන්නා, සාතන්ගේ සිනගෝගයට අයත් වූවන්ගේ අපවාද ද මම දනිමි.


“ඔබේ ක්‍රියා ද ඔබේ වෙහෙස මහන්සිය ද ඔබේ ඉවසා දරා ගැනීම ද ඔබ නපුරන් නුරුස්නා බැව් ද අපෝස්තුලුවරුන් නො වන නමුදු තමන් අපෝස්තුලුවරුන්ය කියාගන්නවුන් පරීක්ෂා කර, ඔවුන් බොරුකරුවන් වග දැනගත් බැව් ද මම දනිමි.


අවදි වන්න! මැරී යෑමට ආසන්නව තවමත් ඉතිරිව ඇති දෑ ශක්තිමත් කරන්න. මන්ද මාගේ දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබේ වැඩ සම්පූර්ණ වූ වග මට සම්භ වුණේ නැත.


“මම ඔබේ වැඩ දනිමි. මෙන්න! කිසිවකුටත් වැසිය නො හැකි ඇරුණු දොරක් මම ඔබ ඉදිරියේ තැබීමි. ඔබට ඇත්තේ සුළු බලයක් වග මම දනිමි. එහෙත් ඔබ මාගේ වචනය පිළිපැද්දහ. මාගේ නාමය ප්‍රතික්ෂේප නො කළහ.


“මම ඔබේ වැඩ දනිමි; ඔබ සිසිල්ව හෝ උණුසුම්ව හෝ නැත. ඔබ සිසිල්ව හෝ උණුසුම්ව හෝ සිටියි නම් කැමැත්තෙමි!


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්