Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 22:11 - සිංහල කාලීන පරිවර්තනය

11 නපුර කරන්නා තවත් නපුර කරත්වා. අපවිත්‍ර තැනැත්තා, තවත් අපවිත්‍ර වෙත්වා. ධර්මිෂ්ඨයා තවත් හරි දේ කරත්වා; ශුද්ධ තැනැත්තා තවත් ශුද්ධවත් වෙත්වා.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 නපුරුකම් කරන්නා, නපුරුකම් කරමින් ද, අපිරිසිදුකම් කරන්නා, අපිරිසිදුකම් කරමින් ද සිටී වා! දමිටු තැනැත්තා දමිටු ක්‍රියා කරමින් ද, ශුද්ධ තැනැත්තා ශුද්ධවන්ත කමෙහි පවතිමින් ද සිටී වා!”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 නපුරුකම් කරන්නා, නපුරුකම් කරමින් ද, අපිරිසිදුකම් කරන්නා, අපිරිසිදුකම් කරමින් ද සිටී වා! දමිටු තැනැත්තා දමිටු ක්‍රියා කරමින් ද, ශුද්ධ තැනැත්තා ශුද්ධවන්ත කමෙහි පවතිමින් ද සිටී වා!”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 අධර්මිෂ්ඨ තැනැත්තා මතුත් අධර්මිෂ්ඨකම් කරාවා. අපවිත්‍ර තැනැත්තා මතුත් අපවිත්‍රකරනු ලබාවා. ධර්මිෂ්ඨ තැනැත්තා මතුත් ධර්මිෂ්ඨකම් කරාවා. ශුද්ධ තැනැත්තා මතුත් ශුද්ධකරනු ලබාවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 22:11
22 හුවමාරු යොමු  

ඒ අතර දුෂ්ටයින් හා වංචනිකයින් රවටමින් ද රැවටෙමින් ද සිටියාටත් වඩා නරකින් නරකට පත් වේ.


ඔවුන් ඔහේ හිටියා වේ; ඔවුහු මගපෙන්වන අන්ධයෝයි. අන්ධයකු තවත් අන්ධයකුට මගපෙන්වතොත්, දෙදෙනාම වළක වැටෙනවා ඇතැ” යි කී සේක.


ධර්මිෂ්ඨකමට සා-පිපාස ඇත්තෝ භාග්‍යවන්තයෝ ය, මන්ද ඔවුහු සෑහීමට පත් වන්නෝ ය.


පැකිළීමෙන් ඔබ වළකාගන්නටත්, මහා ප්‍රීතියකින් ස්වකීය තේජවත් අභිමුඛයට දෝෂ රහිතව ඔබ පමුණුවන්නටත් සමත් තැනැන්වහන්සේට,


“එසේ ඔවුන් තෙල් මිලදී ගැනීමට යන අතරේ, මනාලයා පැමිණියේ ය. සූදානම්ව සිටි අය ඔහු සමඟ මංගල උත්සවයට ඇතුල් වූහ. දොරටුව ද වසන ලදී.


පැල්ලමක්, රැළි වැටීමක් හෝ අන් කැළලක් නැති ශුද්ධ වූ, නො කැළැල් තේජවත් සභාවක්ව තමන්ටම ඇය පිළිගන්වා ගැනීමටත් ය.


මග අසල වූ අත්තික්කා ගහක් දුටු උන්වහන්සේ එතැනට ගිය නමුදු, එහි කොළ මිස, අන් කිසිවක් නො වීය. එවිට උන්වහන්සේ, “යළි කිසි දින පල දැරීමක් නුඹට නො වෙත්වා!” යි ඒ ගසට කී සේක. එකෙණෙහිම ඒ ගස වියළී ගියේ ය.


උන්වහන්සේ ඔවුන් අමතමින්, “මම ඉවත්ව යන්නෙමි. ඔබ මා සොයනු ඇත. ඔබ ඔබේම පාප තුළ මැරී යනු ඇත. මා යන තැනට එන්නට ඔබට නුපුළුවනැ” යි කී සේක.


මහ ගල් වැස්සක් අහසේ සිට මිනිසුන් මත පතිත විය. ඒ එක ගලක් තලෙන්තයක් පමණ බර ය. එම ගල් වැසි වසංගතය හේතු කොට ඔවුහු දෙවියන්වහන්සේට ශාප කළහ. ඒ වසංගතය ඒ සා සැහැසි විණි.


කිසි ශාපයක් තවත් එහි නො වන්නේ ය. දෙවියන්වහන්සේගේ හා බැටළු පැටවාණන්ගේ සිංහාසනය පුරවරය තුළ වන්නේ ය. උන්වහන්සේගේ සේවකයින් උන්වහන්සේට නමස්කාර කරනු ඇත.


එහෙත් දැන් ක්‍රිස්තුස්වහන්සේගේ මාංසික ශරීරයේ මරණය මඟින් දෙවියන්වහන්සේ, තමන්වහන්සේ සමඟ ඔබ සමඟි කරගෙන ඇත්තේ, තමන්වහන්සේගේ ඇස් හමුවේ ඔබ ශුද්ධව, නො කැළැල්ව, නිදොස්ව පිළිගැන්වෙනු පිණිස ය.


මෙසේ ඔබ, ස්වර්ගයේ සිටින ඔබගේ පියාණන්වහන්සේගේ පුත්‍රයින් වනු ඇත. මන්ද උන්වහන්සේ දුෂ්ටයින්ටත්, ධර්මිෂ්ඨයින්ටත්, තම හිරු උදා කරන සේක. දමිටුන්ටත්, අදමිටුන්ටත් වැසි වස්වන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්