Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 20:9 - සිංහල කාලීන පරිවර්තනය

9 ඔවුහු පොළෝ තලය පුරා පෙළගැසී, ගොස් ශුද්ධවතුන්ගේ කඳවුර හා ප්‍රේමණීය පුරය වටලා ගත්හ. එහෙත්, ස්වර්ගයෙන් ගිනි බැස, ඔවුන් දවාලීය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

9 ඔව්හු පොළොවේ සෑම දිශාවල ම පැතිර ගොස් සැදැහැවතුන්ගේ කඳවුර ද ප්‍රිය මනාප නුවර ද වටලාගත්හ. එවිට ස්වර්ගයෙන් ගිනි බැස අවුත් ඔවුන් වනසාදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඔව්හු පොළොවේ සෑම දිශාවල ම පැතිර ගොස් සැදැහැවතුන්ගේ කඳවුර ද ප්‍රිය මනාප නුවර ද වටලාගත්හ. එවිට ස්වර්ගයෙන් ගිනි බැස අවුත් ඔවුන් වනසාදැමී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ඔව්හු පොළොවේ සෑම තැනටම ගොස් ශුද්ධවන්තයන්ගේ කඳවුරද ප්‍රියවූ නුවරද වටලාගත්තෝය. එවිට [දෙවියන්වහන්සේ වෙතින්] ස්වර්ගයෙන් ගිනි බැස ඔවුන් විනාශකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 20:9
33 හුවමාරු යොමු  

එකල දෙවියන්වහන්සේ නො හඳුනන්නන්ට හා යේසුස් අප ස්වාමින්වහන්සේගේ ශුභාරංචියට කීකරු නො වන්නන්ට දඬුවම් කරන සේක.


තවද ඌ, මිනිසුන් ඉදිරියේ අහසින් පොළොවට ගිනි බැස්සවීමට තරම් මහත් වූ හාස්කම් ලකුණු ගෙන හැර පෑවේ ය.


යමකු ඔවුනට අනතුරු කරන්නට යන්නේ නම්, ඔවුන්ගේ මුවින් ගිනි වැගිර, ඔවුන්ගේ සතුරන් දවා දැමේ; ඔවුන්ට අනතුරු කරන්නට සොයන්නවුන් එලෙස මරා දමනු ලැබිය යුතු වේ.


එහෙත් ලොත් සොදොමෙන් පිට වූ දවසේම අහසින් ගිනි හා ගෙන්දගම් වැසි වැස ඔවුන් සියල්ලන් විනාශ කර දැමී ය.


ඒ දුටු යාකොබ් හා යොහන්, “ස්වාමිනි, මොවුන් දවාලන්නට අහසින් ගිනි බසින ලෙසට ඉල්ලන්න අපට අවසර දැ?” යි ඇසූහ.


එබැවින් අපත්, කඳවුරෙන් පිටතට ගොස්, උන්වහන්සේ විඳි අවමානය දරාගනිමු.


“හමුදා, යෙරුසලම වටලා සිටිනු දකින කල, එය පාළුවට යෑම ළං වී ඇති වග දැනගන්න.


නුඹේ සතුරන් නුඹට එරෙහිව ගොඩැලි නගා, නුඹ වටලා, හැම අතින්ම නුඹ කොටුකරන දවස් නුඹ පිට පැමිණෙයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්