Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 20:5 - සිංහල කාලීන පරිවර්තනය

5 සෙසු මළවුන් අවුරුදු දහස නිම වන තෙක් ජීවනයට පැමිණියේ නැත. මෙය පළමු මරණින් නැගිටීම ය;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 මළා වූ සෙසු අය අවුරුදු දහස කෙළවර වන තුරු ජීවනය නොලැබූ හ. මේ පළමු වන පුනරුජ්ජීවනය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 මළා වූ සෙසු අය අවුරුදු දහස කෙළවර වන තුරු ජීවනය නොලැබූ හ. මේ පළමු වන පුනරුජ්ජීවනය වේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 මළාවූ අනික් අය අවුරුදු දහස කෙළවරවන තුරු ජීවත් නූණෝය. මේ වනාහි පළමුවෙනි නැවත-නැගිටීමය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 20:5
9 හුවමාරු යොමු  

මෙසේ යම් අන්දමකින් මළවුන්ගෙන් නැගිටීම අත්කර ගැනීමටත් ය.


හත්වන දේව දූතයා තම හොරණෑව පිම්බේ ය, එවිට ස්වර්ගයේ උස් කටහඬවලින් මෙසේ පැවසිණ: “ලෝකයේ රාජධානිය අප ස්වාමින්වහන්සේගේ ද, උන්වහන්සේගේ ක්‍රිස්තුස්වහන්සේගේ ද රාජධානිය බවට පත් විය, උන්වහන්සේ සදහට ම, සදාතනයට ම රජකම් කරන සේක.”


පෙරළා ඔබට සංග්‍රහ කරන්නට ඔවුන්ට නො හැකි බැවින්, ඔබ භාග්‍යවන්තයි. ධර්මිෂ්ඨයින්ගේ නැවත නැගිටීමේදී ඔබට ඊට ප්‍රතිඵල ලැබෙනු ඇතැ” යි පැවසූ සේක.


එහෙත්, ඒ දවස් තුනහමාරට පසු, දෙවියන්වහන්සේගෙන් ජීවන හුස්ම ඔවුන් තුළට ඇතුළු වුණෙන්, ඔවුහු දෙපයින් නැගී සිටගත්හ; ඒ දුටුවන් පිට මහා භීතියක් පතිත විය.


මන්ද ඔවුන් ඉවතලීම සෙසු ලෝකයා සමඟි කිරීම වී නම්, ඔවුන් පිළිගැනීම මළවුන් කෙරෙන් ජීවනය මිස අන් කවරේ ද?


මන්ද මහ හඬින් විධානයක් ද අග්‍ර දේව දූතයාගේ කටහඬ ද දෙවියන්වහන්සේගේ හොරණෑ ඇමතුම් හඬ ද සමඟින් ස්වාමින්වහන්සේම ස්වර්ගයෙන් බැස එන සේක. එකල, ක්‍රිස්තුස්වහන්සේ තුළ මළාහු පළමු කොට නැගිටිති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්