Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 16:19 - සිංහල කාලීන පරිවර්තනය

19 මහා පුරවරය තුන් කොටසකට පැළිණි. ජාතීන්ගේ නගර බිඳ වැටිණි. ස්වකීය දේව උදහසේ භයංකරත්වය නැමති මිදි යුෂ පිරි කුසලාන, ඇයට බොන්නට දෙන පිණිස, දෙවියන්වහන්සේ මහා බබිලෝනිය සිහි කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

19 ඒ මහා නගරය තුන් කොටසකට කැඩී ගියේ ය. ජාතීන්ගේ නගර ඇද වැටිණි. දෙවියන් වහන්සේ මහා බබිලෝනිය අමතක නොකර, සිය උදහසේ දරුණුකම නමැති මිදියුස පාත්‍රය පානය කිරීමට ඈට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඒ මහා නගරය තුන් කොටසකට කැඩී ගියේ ය. ජාතීන්ගේ නගර ඇද වැටිණි. දෙවියන් වහන්සේ මහා බබිලෝනිය අමතක නොකර, සිය උදහසේ දරුණුකම නමැති මිදියුස පාත්‍රය පානය කිරීමට ඈට දුන් සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ඒ මහත් නුවරද තුන් කොටසකට බෙදනලද්දේය, ජාතීන්ගේ නුවරවල් වැටුණේය. දෙවියන්වහන්සේගේ උදහසේ සැරකම නමැති මුද්‍රිකපාන කුසලාන මහත් බබිලෝනියට දෙන පිණිස ඈ දෙවියන්වහන්සේ ඉදිරියෙහි සිහිකරනු ලැබුවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 16:19
15 හුවමාරු යොමු  

මන්ද ඇගේ පාප, අහස උසට ගොඩ ගැසී ඇත, දෙවියන්වහන්සේ ඇගේ අපරාධ සිහි කළ සේක.


ඇය විඳින වධය ගැන බයින් ඔවුහු දුරින් සිට මෙසේ හඬ නැගූහ: “ ‘අහෝ! අහෝ මහ පුරවරය, අහෝ බබිලෝනිය! බලවත් පුරවරය, නුඹේ විනිශ්චය එක් පැයකින්ම ඇවිල්ලා!’


ඔබ දුටු ස්ත්‍රිය, පොළොවේ රජුන් කෙරේ ආධිපත්‍යය දරන මහ පුරවරයැ” යි පැවසී ය.


ඉන්පසු බලගතු දේව දූතයෙක්, යෝධ ඇඹරුම් ගලක් වැනි මහ ගලක් ගෙන, එය මුහුදේ හෙළුවේ මෙසේ කියමිනි: “බබිලෝනි මහ පුරවරය බිඳ හෙළනු ලබන්නේ, මේ සා සැහැසි අයුරිනි, කිසි කල යළි එය සම්භ වන්නේ නැත.


ඔහු බලගතු කටහඬකින් මෙසේ මොර ගැසී ය: “ ‘ඇද වැටිණි! මහ බබිලෝනිය ඇද වැටිණි!’ ඇය යක්ෂාත්මයන්ට වාසස්ථානයක් ද, හැම අපවිත්‍ර ආත්මයකට තිප්පොළක් ද, අපවිත්‍ර, පිළිකුල් සියලු පක්ෂීන්ට තිප්පොළක් ද, අපවිත්‍ර, පිළිකුල් සියලු සතුන්ට තිප්පොළක් ද විය.


ඇගේ නළලේ අබිරහස් නාමයක් ලියා තිබිණි. මහා බබිලෝනිය ය; පොළොවේ වේශ්‍යාවන්ගේ හා පිළිකුල්කම්වල මව ය.


ඔවුන්ගේ මළකඳන්, සොදොම හා ඊජිප්තුව යයි සංකේතව හැඳින්වෙන, ඔවුන්ගේ ස්වාමින්වහන්සේ කුරුසිපත් කරන ලද මහ නගර වීදියෙහි බාවා තිබෙනු ඇත.


පාත්‍ර හත ඇතිව සිටි දේව දූතයින් හත්දෙනාගෙන් කෙනෙක් අවුත්, මා අමතමින්, “එන්න; බොහෝ ජල මත හිඳ සිටින මහ වේශ්‍යාවගේ දඬුවම මම ඔබට පෙන්වන්නම්.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්