Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 15:6 - සිංහල කාලීන පරිවර්තනය

6 පවිත්‍ර, දිළිසෙන හණ ඇඳුම් හැඳ, තම ළය වටා රන් පටි බැඳ, වසංගත හත රැගත් දේව දූතයින් හත්දෙනා ශුද්ධ ස්ථානයෙන් පිටතට ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

6 වසංගත සතේ දේව දූතයන් සත් දෙනා පිටතට ආවෝ ය. ඔව්හු දිළිසෙන පිරිසිදු වස්ත්‍ර ඇඳ, තමන්ගේ ළයෙහි රන් පටි බැඳගෙන සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 වසංගත සතේ දේව දූතයන් සත් දෙනා පිටතට ආවෝ ය. ඔව්හු දිළිසෙන පිරිසිදු වස්ත්‍ර ඇඳ, තමන්ගේ ළයෙහි රන් පටි බැඳගෙන සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 එවිට පීඩා සත ඇතුව සිටියාවූ දේවදූතයන් සත්දෙනා පවිත්‍රවූ දීප්තිමත්වූ වස්ත්‍ර පැළඳ, රන් පටිවලින් තමුන්ගේ ළය බැඳගෙන, දේවමාළිගාවෙන් පිටත්ව ආවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 15:6
9 හුවමාරු යොමු  

හා ඒ පහන් රුක් මැද මනුෂ්‍ය පුත්‍රයකු වැනි කෙනකු, ස්වකීය පාද දක්වා දිගු ලෝගුවක් හැඳ, ළය වටා රන් පටියක් බැඳ සිටිනු දුටිමි.


මහ විස්මිත තවත් ලකුණක් අහසේ මම දුටුවෙමි: ඒ, වසංගත හතක් රැගත් දේව දූතයින් හත් දෙනෙකි; ඒවා අවසන් ඒවා ය; මන්ද ඒවායින් දෙවියන්වහන්සේගේ උදහස සම්පූර්ණ වන්නේ ය.


තවත් දේව දූතයෙක්, දේව මාලිගයෙන් පිටතට පැමිණ, වලාකුළ මත හිඳ සිටි තැනැත්තාණන්ට උස් හඬින් කතා කර, “ඔබගේ දෑකැත්ත යොදා, අස්වැන්න කපන්න; මන්ද පොළොවේ අස්වැන්න හොඳටම පැහී තිබෙන බැවින්, අස්වැන්න කපන කාලය පැමිණ ඇතැ” යි කීවේ ය.


ඔවුන් ඒ ගැන වියවුල්ව සිටියදී, මෙන්න! හදිසියේම, කාන්තිමත් වස්ත්‍රයෙන් යුතු මිනිසුන් දෙදෙනෙක් ඔවුන් පසෙකින් සිටගෙන!


තවත් දේව දූතයෙක් ස්වර්ගයේ දේව මාලිගයෙන් පිටතට ආවේ ය. ඔහුට ද මුවහත් දෑකැත්තක් තිබිණි.


ඇයට හැඳ ගැනීමට, දීප්තිමත්, පවිත්‍ර, සිහින් හණ පිළි දෙනු ලැබිණි.” (එම සිහින් හණ පිළි ශුද්ධවතුන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා ය.)


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්