Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 11:16 - සිංහල කාලීන පරිවර්තනය

16 එවිට දෙවියන්වහන්සේ ඉදිරියේ ඔවුන්ගේ සිංහාසන මත හිඳ සිටි වැඩිමහල්ලන් විසිහතර දෙනා තම මුහුණු බිම ඔබා, වැඳ වැටී දෙවියන්වහන්සේට නමස්කාර කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

16 දෙවියන් වහන්සේ ඉදිරියෙහි තමන්ගේ සිහසුන්වල හුන් කුලදෙටුවෝ විසි හතර දෙනා මුහුණින් වැටී, දෙවියන් වහන්සේට නමස්කාර කර මෙසේ කී හ:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 දෙවියන් වහන්සේ ඉදිරියෙහි තමන්ගේ සිහසුන්වල හුන් කුලදෙටුවෝ විසි හතර දෙනා මුහුණින් වැටී, දෙවියන් වහන්සේට නමස්කාර කර මෙසේ කී හ:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 දෙවියන්වහන්සේ ඉදිරිපිට තමුන්ගේ සිංහාසනවල වාඩිව ඉන්න වැඩිමහල්ලන් විසිහතරදෙනා මුහුණින් වැටී, දෙවියන්වහන්සේට නමස්කාරකොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 11:16
7 හුවමාරු යොමු  

ඒ සිංහාසනය වටා තවත් සිංහාසන විසිහතරක් විය; ඒ සිංහාසන මත සුදු ඇඳුම් හැඳි, තම හිස් මත රන් ඔටුනු පැලඳි වැඩිමහල්ලෝ විසිහතර දෙනෙක් හිඳ සිටියහ.


වැඩිමහල්ලෝ විසිහතර දෙනා සිංහාසනයේ හිඳින තැනැන්වහන්සේ අබියස වැඳ වැටී, සදහට ම, සදාතනිකව ජීවත් වන තැනැන්වහන්සේට නමස්කාර කරති. ඔවුහු තම ඔටුනු සිංහාසනය අබියස හෙළා,


දේව දූත සියල්ලෝ, සිංහාසනය වටාත්, වැඩිමහල්ලන් හා ජීවමාන සත්වයන් හතරදෙනා වටාත් සිටගෙන වුන්හ. ඔවුහු සිංහාසනය අබියස මුහුණින් වැඳ වැටී, දෙවියන්වහන්සේට නමස්කාර කරමින්,


වැඩිමහල්ලන් විසිහතර දෙනා හා ජීවමාන සත්වයින් සතර දෙනා, “ආමෙන්! හාලේලූයා!” කියමින්, සිංහාසනයේ හිඳ හුන් දෙවියන්වහන්සේට වැඳ වැටී, නමස්කාර කළහ.


ජීවමාන සත්වයෝ හතරදෙනා, “ආමෙන්” කීහ. වැඩිහිටියෝ විසිහතර දෙනා වැඳ වැටී, නමස්කාර කළහ.


යේසුස්වහන්සේ ඔවුන්ට කියන සේක්, “සැබවින් ම මා ඔබට කියන්නේ, සියල්ල අලුත් කිරීමේදී, මනුෂ්‍ය පුත්‍රයාණන් ස්වකීය තේජසේ සිංහාසනයේ හිඳ ගන්නා කල, මා අනුව ආ ඔබත් ඉශ්‍රායෙල් ගෝත්‍ර වංශ දොළොස විනිශ්චය කරමින්, සිංහාසන දොළහක් මත හිඳ ගන්නා බවයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්