Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එපීස 2:21 - සිංහල කාලීන පරිවර්තනය

21 මුළු මහත් ගොඩනැගිල්ල උන්වහන්සේ තුළ එකට සම්බන්ධ කරනු ලැබ, ස්වාමින්වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක්ව ගොඩ නැගේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 උන් වහන්සේ තුළ මුළු ගොඩනැඟිල්ල ඒකාබද්ධ ව, සමිඳාණන් වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක් සේ වර්ධනය වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 උන් වහන්සේ තුළ මුළු ගොඩනැඟිල්ල ඒකාබද්ධ ව, සමිඳාණන් වහන්සේ තුළ ශුද්ධ මන්දිරයක් සේ වර්ධනය වන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 උන්වහන්සේ තුළ මුළු ගොඩනැගිල්ල හොඳ හැටියට එකතුකරනලදුව, ස්වාමීන්වහන්සේ තුළ ශුද්ධවූ මාළිගාවක්ව සෑදීගනයන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 2:21
12 හුවමාරු යොමු  

මන්ද අපි දෙවියන්වහන්සේ සමඟ හවුල් වැඩකරුවෝ ය. දෙවියන්වහන්සේගේ කෙතත්, දෙවියන්වහන්සේගේ ගොඩනැගිල්ලත් ඔබ ය.


පිළිම රූප සමඟ දෙවියන්වහන්සේගේ මාලිගාවට ඇති එකඟතාව කුමක් ද? මන්ද ජීවමාන දෙවියන්වහන්සේගේ මාලිගාව අප ය. දෙවියන්වහන්සේ පවසන පරිදි: “මම ඔවුන් මධ්‍යයේ මාගේ නිවස්නය තනා, ඔවුන් අතර ගැවසෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවියන්වහන්සේ වන්නෙමි; ඔවුහු මාගේ ජනයා වන්නෝ ය.”


ඔවුහු හිසට සම්බන්ධ නො වී සිටිති. මුළු සිරුර සන්ධි හා අස්ථි බැමි මඟින් පෝෂණය කර, එකට බද්ධ කොට දෙවියන්වහන්සේගෙන් වූ වර්ධනයෙන් වර්ධනය වන්නට සලස්වන්නේ එම හිස ය.


මා එන්නට ප්‍රමාද වුවහොත් ජීවමාන දෙවියන්වහන්සේගේ සභාව, සත්‍ය දරා සිටින කණුව හා අත්තිවාරම වන දෙවියන්වහන්සේගේ ගෘහ-පවුල තුළ ඔබ කෙසේ හැසිරිය යුතුදැයි වටහා ගන්නා පිණිසයි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්