Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එපීස 2:14 - සිංහල කාලීන පරිවර්තනය

14 මන්ද අපගේ සාමය උන්වහන්සේම ය; අප දෙගොල්ල එක් කණ්ඩායමක් බවට පත් කළ උන්වහන්සේ හරස් කඩුල්ල වන එදිරිවාදිකමේ මැද බිත්තිය, ස්වකීය මාංසය තුළ බිඳ හෙළුවේ,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

14 ජුදෙව්වරුන් හා විජාතිකයන් එක්කරමින් උන් වහන්සේ අප අතර සමඟිය ඇති කළ සේක. උන් වහන්සේ මිනිසත් බව ගෙන, ඔවුන් වෙන් කළ, ඔවුන් අතර වෛරය ඇති කළ, මැද බිත්තිය කඩා දැමූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 ජුදෙව්වරුන් හා විජාතිකයන් එක්කරමින් උන් වහන්සේ අප අතර සමඟිය ඇති කළ සේක. උන් වහන්සේ මිනිසත් බව ගෙන, ඔවුන් වෙන් කළ, ඔවුන් අතර වෛරය ඇති කළ, මැද බිත්තිය කඩා දැමූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මක්නිසාද වෙන්කිරීමේ මැද බික්තිය බිඳදමා, ඒ සතුරුකම නැමති නියෝගවල අන්තර්ගතවූ ආඥාවල ව්‍යවස්ථාව තමන්ගේ මාංසයෙන් නැතිකොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 2:14
28 හුවමාරු යොමු  

එහි යුදෙව්වකුවත්, ග්‍රීකයකුවත් නැත; වහලකුවත්, නිවහල් කෙනකුවත් නැත; පුරුෂයකුවත්, ස්ත්‍රියකවත් නැත. මන්ද ඔබ හැම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ එක්කෙනෙකි.


මෙහි ග්‍රීක-යුදෙව් කියා හෝ චර්මඡේද වූ-නොවූ කියා හෝ ම්ලේච්ඡ, අශිෂ්ට, වහල් හෝ නිවහල් කියා හෝ භේදයක් නැත. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ සියල්ල ය; සියල්ලන් තුළ ය.


එකම සිරුරක් තුළ ඔබ කැඳවනු ලැබ ඇත්තේ සාමයට බැවින්, ක්‍රිස්තුස්වහන්සේගේ සාමය ඔබ හදවත්හි රජකම් කෙරේවා! ස්තූතිවන්තව ද සිටින්න.


ආඥා හා නියෝග රැගත් දහම් නීති අහෝසි කරමිනි. උන්වහන්සේගේ අරමුණ වූයේ මේ දෙගොල්ලගෙන් තමන්වහන්සේ තුළ එක නව මිනිසකු නිර්මාණ කිරීමත්, එසේ සාමය සලසමින්,


පොළොව පිට ඇති දෑ වේවා, ස්වර්ගයෙහි ඇති දෑ වේවා, ඒ සියල්ල ක්‍රිස්තුස්වහන්සේ කුරුසියේ වගුළ ලෙය හේතු කොට, සාමය සැලසීමෙන්, උන්වහන්සේ මඟින් සියලු දේම තමන්වහන්සේට සමඟි කර ගැනීමත් ය.


ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබ මරණයට පත්වීමෙන්, ලෝකයේ යක්ෂාත්ම බලවේග වෙතින් වෙන් වුණි නම් තවමත් ලෝකයේ ජීවත්වන්නා සේ එහි නියෝගවලට ඔබ යටත් වන්නේ මන්ද:


එබැවින් ඇදහිල්ල මඟින් ධර්මිෂ්ඨ කරනු ලැබ ඇති බැවින්, යේසුස් ක්‍රිස්තුස් අප ස්වාමින්වහන්සේ මඟින් අපට දෙවියන්වහන්සේ හා සමඟ සාමය ඇත්තේ ය.


සියල්ලන්ගේම ස්වාමියාණන් වන යේසුස් ක්‍රිස්තුස්වහන්සේ මඟින් සාමයේ ශුභාරංචි ගෙනෙමින්, දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල් ජනයාට දුන් පණිවුඩය ඔබ දනී.


ඔහු ඔවුන් අමතමින්, “යුදෙව්වකුට අන්‍ය-ජාතිකයකු බැහැදැක්ම හෝ සමාගම් පැවැත්වීම අප දහම් නීතියට පටහැනි වග ඔබ හොඳින් දනී. එහෙත් කිසි මිනිසකු අකැපය, අපවිත්‍ර ය කියා මා නො කිව යුතු වග දෙවියන්වහන්සේ මට පෙන්වා දුන්නා.


සදාතන ගිවිසුමේ ලේ මඟින්, බැටළුවන්ගේ ශ්‍රේෂ්ඨ එඬේරාණන් වූ යේසුස් අප ස්වාමියාණන් මළවුන් වෙතින් යළි ජීවනයට ගෙන ආ සාමයේ දෙවියන්වහන්සේ,


“උසස් තැන්හි දෙවියන්වහන්සේට වේවා මහිමය, උන්වහන්සේගේ ප්‍රසාදය ලද පොළොවේ ජනයාට වේවා සාමය.”


මේ ගාලට අයිති නැති තවත් බැටළුවන් මට සිටී. මා ඔවුන් ද ගෙන ආ යුතුයි. ඔවුන් ද මගේ කටහඬට සවන් දෙනු ඇත. එවිට එකම බැටළු රැළකි; එකම එඬේරෙකි.


ඒ, අන්ධකාරයේ හිඳ සිටින්නන් හා මරණ සෙවණේ හිඳින්නන් පිට බබළන පිණිසත්, සාමයේ මාර්ගයට අපගේ පා යොමු කරවන පිණිසත් ය.”


ආබ්‍රහම්, තමන් වෙත වූ සියල්ලෙන් දසයෙන් කොටසක් ඔහුට වෙන් කර දුන්නේ ය. පළමුව ඔහුගේ නමේ අරුත ලෙස, ඔහු ධර්මිෂ්ඨත්වයේ රජ්ජුරුවෝ ය; ඊ ළඟට, සාලෙම්හි ද රජ්ජුරුවෝ ය; සාලෙම්හි රජ යන්නෙහි අරුත සාමයේ රජ්ජුරුවෝ ය.


මෙසේ, හැම ශරීරාංගයක්ම නිසියාකාරව ක්‍රියා කරමින්, මුළු ශරීරයේ හැම සම්පාදිත අවයවයක්ම අස්ථි සන්ධියකින් එක්සන්ධි වී පැවත, ප්‍රේමයෙන් වැඩෙමින්, ස්වයංව ගොඩ නැගෙයි,


ස්වර්ගයේ හා පොළොවේ හැම පවුලක්ම තම නාමය ලබන්නේ උන්වහන්සේගෙනි.


“මේ සියල්ල මා ඔබට කීවේ මා තුළ ඔබට සාමය ලැබෙන පිණිසයි. මෙලොවේදී ඔබට පීඩා ඇති වෙයි. එනමුත් ධෛර්යවත් වන්න; මම ලෝකයෙන් ජය ගත්තෙමි” යි පැවසූ සේක.


ඒ ජාතිය වෙනුවෙන් පමණක් නො ව විසිර සිටින දෙවියන්වහන්සේගේ දරුවන් එකට එක්රැස් කරන පිණිස බවත් කීමකි.


උන්වහන්සේ අවුත් දුර සිටි ඔබට සාමය දේශනා කළ සේක්, ළඟ සිටි අයට ද සාමය දේශනා කළ සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්