Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එපීස 1:21 - සිංහල කාලීන පරිවර්තනය

21 මේ වත්මන් යුගයේ පමණක් නො ව, මතු එළඹෙන යුගයේත් සියලු රාජ්‍ය තන්ත්‍ර, බලධාරීන්, බලවේග හා ආධිපත්‍යයන් ද නම් කරන ලද ඕනෑම නාමයකට ද වඩා ක්‍රිස්තුස්වහන්සේ අතිශයින් උත්තරීතර කළ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

21 එම ක්‍රිස්තුන් වහන්සේ සියලු අධිපතීන්ටත්, බලධාරීන්ටත්, පරාක්‍රමවලටත්, අධිකාරීන්ටත්, එසේ ම, මේ යුගයේ පමණක් නොව, මතු පැමිණෙන යුගයෙහි ද, නම් කළ හැකි තාක් සියලු ප්‍රභූ නාමයන්ටත් ඉහළින් වැජඹෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

21 එම ක්‍රිස්තුන් වහන්සේ සියලු අධිපතීන්ටත්, බලධාරීන්ටත්, පරාක්‍රමවලටත්, අධිකාරීන්ටත්, එසේ ම, මේ යුගයේ පමණක් නොව, මතු පැමිණෙන යුගයෙහි ද, නම් කළ හැකි තාක් සියලු ප්‍රභූ නාමයන්ටත් ඉහළින් වැජඹෙන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

21 සියලු අධිපතිකමටත් බලයටත් පරාක්‍රමයටත් ස්වාමිකමටත් මේ ලෝකයෙහි පමණක් නොව පරලෝකයෙහිත් සඳහන්කරනලද සියලු නම්වලටත් වඩා උසස්කොට ස්වර්ගීය ස්ථානවල තමන් දකුණු පැත්තෙහි හිඳුවා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එපීස 1:21
20 හුවමාරු යොමු  

හැම පාලනයකට හා ආධිපත්‍යයකට ඉහළින් හිසව සිටින ක්‍රිස්තුස්වහන්සේ තුළ ඔබත් පූර්ණත්වය ලැබ සිටිති.


උන්වහන්සේ ස්වර්ගයට පිවිස, දේව දූතයින් ද අධිපතීන් ද බලධාරීන් ද උන්වහන්සේට යටත් කරනු ලැබ, දෙවියන්වහන්සේගේ දකුණු පැත්තේ සිටින සේක.


උන්වහන්සේට උරුමව ඇති නාමය පරිදි, උන්වහන්සේ දේව දූතයින්ට වඩා බෙහෙවින් උත්තරීතර බවට පැමිණි සේ ම, එය ඔවුන්ගේ නාමයට වඩා බෙහෙවින් විශිෂ්ට ය.


අන් කිසිවකු තුළ ගැලවීම නැත. මන්ද අපේ ගැලවීමට අවශ්‍ය වූ, මිනිසුන් අතරේ දෙන ලද අන් කිසි නාමයක් ස්වර්ගයෙන් යට නැත්තේමැ” යි පැවසී ය.


උන්වහන්සේ, බලධාරීන් හා අධිපතීන් නිරායුධ කොට, කුරුසිය කරණකොටගෙන උන් පරදා ජය ගෙන, ප්‍රසිද්ධියේ ඔවුන් අවමානයට පත් කළ සේක.


උන්වහන්සේගේ අරමුණ නම් දෙවියන්වහන්සේගේ අනේක විධ ප්‍රඥාව, දැන් සභාව මාර්ගයෙන් ස්වර්ගීය බලමණ්ඩලවල පාලකයින්ටත්, අධිපතීන්ටත් දැනගන්නට සැලැස්වීමයි.


මන්ද අපගේ සටන ලෙයින්-මසින් යුතු මිනිස් සතුරනට එරෙහිව නො වේ. පාලන-බලවේගයනට එරෙහිව ය; අධිපතීන්ට එරෙහිව ය; මේ අන්ධකාර ලෝක බලවේගයනට එරෙහිව ය. ආකාශ බලමණ්ඩල දුෂ්ටාත්ම සේනාවන්ට එරෙහිව ය.


එබැවින්, අහස් මණ්ඩල පසුකර ගියාවූ දෙවියන්වහන්සේගේ පුත්‍ර යේසුස් නම් වූ ශ්‍රේෂ්ඨ උත්තම පූජකයකු අපට සිටින බැවින් අපේ විශ්වාසයෙහි තදින් එල්බගෙන සිටිමු.


මනුෂ්‍ය-පුත්‍රයාට එරෙහි වචනයක් පවසන කවරකුට වුව, කමා කරනු ලැබේ. එහෙත් ශුද්ධාත්මයාණන්ට එරෙහිව කතා කරන කවරකුට වුව, මේ යුගයේදීවත්, මතු පැමිණෙන යුගයේදීවත් කමා කරනු නො ලැබේ.


අප කතා කරන මතු පැමිණෙන ලෝකය දෙවියන්වහන්සේ යටත් කර දෙනු ලැබුවේ දේව දූතයනට නො වේ.


එසේ වූයේ, ඔබ මෙලොව සම්මත දිවි රටාව හා අකීකරුකමේ පුත්‍රයින් තුළ දැනුදු ක්‍රියා කරන දුෂ්ටාත්මය වූ ආකාශ රාජධානි අධිපතියාගේ මාර්ග අනුගමන කරමින්, ඒවා තුළ ජීවත් වූ කාලයේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්