Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තිමෝති 3:11 - සිංහල කාලීන පරිවර්තනය

11 මා විඳ දරාගත් වධ විඳීම්, එනම් අන්තියෝකියේදී, ඉකෝනියෙහි දී හා ලුස්ත්‍රාවෙහිදී මට සිදු වූ මා විඳ දැරූ වධ හා වේදනා ද යන දෑ ය. එහෙත් ස්වාමින්වහන්සේ ඒ සියල්ලෙන් මා මිදූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

11 අන්තියෝකියේදීත්, ලුස්ත්‍රාවේදීත්, ඉකොනියේදීත්, මට ඇති වුණු පීඩා හා දුක්විඳීම් ද ඔබ දන්නෙහි ය. ඒ සියල්ලෙන් ම සමිඳාණන් වහන්සේ මා මිදූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 අන්තියෝකියේදීත්, ලුස්ත්‍රාවේදීත්, ඉකොනියේදීත්, මට ඇති වුණු පීඩා හා දුක්විඳීම් ද ඔබ දන්නෙහි ය. ඒ සියල්ලෙන් ම සමිඳාණන් වහන්සේ මා මිදූ සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 අන්තියෝකියේදීත් ඉකෝනියේදීත් ලුස්ත්‍රාවේදීත් මට සිදුවුණාවූ මට පැමුණුණ පීඩාද දුක්විඳීම්ද බලාගත්තෙහිය. එයාකාර පීඩා වින්දෙමි, ඒ සියල්ලෙන්ද ස්වාමීන්වහන්සේ මා මිදූසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තිමෝති 3:11
43 හුවමාරු යොමු  

එහෙත් ඒ මහ සෙනඟ දුටු කල, යුදෙව්වෝ ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුල්ගේ දේශනයට එරෙහිව අපහාසාත්මකව කතා කළහ.


දේව භක්තිකයින් පරීක්ෂාවන්ගෙන් ගලවන්නේ කෙසේ ද යන්නත්, විනිශ්චය දවස දක්වා අදමිටුවන් ඔවුන්ගේ දඬුවම් යටතේ දිගටම තබා ගන්නේ කෙසේ ද යන්නත් ස්වාමින්වහන්සේ දන්නා සේක.


මම යහපත් සටනක සටන් වැදුණෙමි. මම තරඟ දිවීම සම්පූර්ණ කළෙමි. මම ඇදහිල්ල රක්ෂා කළෙමි.


එහෙත් මේ අද දවස දක්වා දෙවියන්වහන්සේගේ පිළිසරණ ලැබ, මෙසේ මෙතැන සිටගෙන, උසස් පහත් දෙගොල්ලන්ටම එක සේ සාක්ෂි දරමි. මා පවසන්නේ දිවැසිවරුන් හා මෝසෙස් මතු සිදු වෙතැයි කී දේ මිස, ඊට වැඩි යමක් නො වේ.


ඔබේම ජනයා අතින් හා අන්‍ය-ජාතිකයින් අතින් මම ඔබ මුදා ගන්නෙමි. මා ඔවුන් වෙත ඔබ යවන්නේ,


දෙපිලේ විවාදය කෙතරම් සැහැසි වී ද යත්, ඔවුහු පාවුල් කීතු කීතුවලට ඉරා දමතියි සෙන්පතියා බය විය. එබැවින් ඔහු ඔවුන් අතරට ගොස්, බලයෙන්ම ඔවුන් වෙතින් පාවුල් ඉවත් කරගෙන, කඳවුරට ගෙන යන ලෙස හේවායිනට අණ දුන්නේ ය.


යුදෙව්වන්ගේ කුමන්ත්‍රණවලින් දැඩි සේ මා පරීක්ෂා කළ ද, සියලු ආකාර යටහත්කමින් හා කඳුළින් යුතුවයි මා ස්වාමින්වහන්සේට සේවය කළේ.


ඔවුහු පර්ගාහි සිට පිසිදියාහි අන්තියෝකිය බලා ගියහ. ඔවුහු සබත් දවසේ එහි සිනගෝගයට පිවිස අසුන් ගත්හ.


මාගේ නාමය උදෙසා ඔහු කොතරම් විඳවිය යුතුදැයි මම ඔහුට පෙන්වා දෙන්නෙමි” යි කී සේක.


ලුස්ත්‍රා වැසියකු වූ උපතින්ම දෙපා දුබල, කිසි දිනෙක ඇවිද නැති කොර මිනිහෙක් වාඩිගෙන,


එනම්, යුදයේ නො ඇදහිලිවතුන්ගේ අතවරවලින් මා ගලවන පිණිසත්, යෙරුසලම උදෙසා මාගේ උපස්ථානය එහි ශුද්ධවන්තයින් විසින් පිළිගනු ලබන පිණිසත් ය.


ක්‍රිස්තුස්වහන්සේගේ දුක්-පීඩාවලට අප අධික ලෙස පංගුකාර වන්නේ යම් සේ ද, එලෙසම ක්‍රිස්තුස්වහන්සේ මඟින් සැනසිල්ලටත් අපි අධික ලෙස පංගුකාර වන්නෙමු.


ඔබ ගැන අපගේ බලාපොරොත්තුව නො සැලේ; මන්ද අපගේ විඳවීම්වලට ඔබ පංගුකාර වන කල අපගේ සැනසිල්ලටත් ඔබ පංගුකාර වන බැව් අප දන්නා බැවිනි.


ක්‍රිස්තුස්වහන්සේ උදෙසා දුබලතා, ගැරහුම්, අපහසුතා, හිංසා-පීඩා හා දුෂ්කරතා තුළ මා ප්‍රමෝද වන්නේ එබැවිනි. මන්ද මා දුබලව සිටින විට, මම ප්‍රබලව සිටිමි. මම ඔබට බරක් නො වෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්