Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 තිමෝති 2:18 - සිංහල කාලීන පරිවර්තනය

18 සත්‍යයෙන් බැහැරව මං මුළාව ගොසිනි. මළවුන්ගේ නැගිටීම දැනටමත් සිදුව ඇතැයි ඔවුහු කියති. මෙසේ ඔවුහු ඇතමුන්ගේ ඇදහිල්ල අවුල් කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

18 ඔව්හු පුනරුජ්ජීවනය දැනට ම සිදු වී තිබෙන බව කියමින්, සත්‍යයෙන් බැහැර ගොස්, සමහරුන්ගේ විශ්වාසය අවුල් කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔව්හු පුනරුජ්ජීවනය දැනට ම සිදු වී තිබෙන බව කියමින්, සත්‍යයෙන් බැහැර ගොස්, සමහරුන්ගේ විශ්වාසය අවුල් කරති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 කියමින් සැබෑකම ගැන මුළාවී, සමහරුන්ගේ ඇදහිල්ල පෙරළති.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 තිමෝති 2:18
16 හුවමාරු යොමු  

ක්‍රිස්තුස්වහන්සේ ප්‍රකාශ කරනු ලබන්නේ, මළවුන්ගෙන් නැගිටුවන ලද, වශයෙන් නම්, මළවුන් නැගිටීමක් නැතැයි ඔබ ඇතමකු කියන්නේ කෙසේ ද?


එසේ කළ යුත්තේ ඇදහිල්ලෙන් හා පවිත්‍ර හෘදය සාක්ෂියකින් යුතුව ය. එය ප්‍රතික්ෂේප කිරීමෙන් ඇතැම්හු තම ඇදහිල්ලේ නැව මුහුදුබත් කර ගත්හ.


එබැවින් ඒ පරපුර සමඟ කෝපව, මම මෙසේ කීවෙමි; ‘හදවත්වලින් ඔවුහු හැම විට මුළාව යන්නෝ ය, මාගේ මාර්ග, ඔවුන් හැඳින ගත්තේ නැත.’


ඔවුන් අප වෙතින් පිටත්ව ගොසින් ය, එහෙත් ඔවුන් අපේ අය නො වේ. ඔවුන් අපේ අය වූවා නම්, දිගටම අප සමඟ සිටිය යුතුව තිබිණි, එහෙත් ඔවුන් පිටත්ව ගොසිනි; ඔවුන් හැම අපේ අය නො වන වග එයින් පැහැදිලි ය.


මා සහෝදරයිනි, ඔබ අතරින් යමකු සත්‍යයෙන් බැහැරව මුළාව ගිය කල, අන් කෙනකු ඔහු ආපසු හරවා ගන්නේ නම්,


මේ දෑ ඔවුන්ට මතක් කරන්න. වචන ගැන කලහ නො කිරීමට දෙවියන්වහන්සේ ඉදිරියේ ඔවුනට අණ කරන්න; එයින් කිසි හොඳක් සිදු නො වේ, අසා සිටින්නවුන් විනාශ වෙනවා පමණකි.


එසේ ප්‍රකාශ කළ ඇතැම්හු ඇදහිල්ලෙන් මුළාව ගියහ. අනුග්‍රහය ඔබ සමඟ වේවා!


මන්ද මුදලට ආලය, සියලු ආකාර නපුරට මුල ය. ඇතමුන් ඇදහිල්ලෙන් මංමුළා වී, අනේක වේදනාවලින් තමන්ම සිදුරු කරගෙන සිටින්නේ මෙම තෘෂ්ණාව නිසා ය.


එබැවින්, ක්‍රිස්තුස්වහන්සේ සමඟ ඔබත් නැගිටුවා ඇති බැවින්, දෙවියන්වහන්සේගේ දකුණු පස ක්‍රිස්තුස්වහන්සේ හිඳ සිටින තැන ඇති උසස් දෑ සොයන්න.


ඔබ අතරේ අව්‍යාජ අය කවුරුන්දැයි හඳුනාගන්නා පිණිස, ඔබ අතර භේද තිබිය යුතු ය.


එහෙත් එය දෙවියන්වහන්සේගෙන් නම්, මොවුන් මැඩලන්නට ඔබට නුපුළුවන. එයින් වන්නේ, ඔබ දෙවියන්වහන්සේට විරුද්ධව සටන් වැදීම පමණක් බව ඔබටම පෙනී යනු ඇතැ” යි කීවේ ය.


ගල්බිම පිට වූ ඒවා වන්නේ, වචනය ඇසූ කල ප්‍රීතියෙන් එය පිළිගන්නා නමුත් මුල් නැති බැවින්, මද කලකට පමණක් විශ්වාස කර, පරීක්ෂා පැමිණි කල වැටී යන අයයි.


යේසුස්වහන්සේ පිළිතුරු දෙමින්, “ඔබ වරද්දාගෙන ඇත්තේ, ශුද්ධ ලියවිලිවත්, දෙවියන්වහන්සේගේ බලයවත් නො දන්නා නිසයි.


උන්වහන්සේ පිළිතුරු දෙමින්, “ස්වර්ගීය මාගේ පියාණන්වහන්සේ රෝපණ නො කළ හැම පැළෑටියක්ම මුලිනුදුරා දමනු ලැබේ.


නිර්ලජ්ජිත වාසි ලබන පිණිස, නූගැන්විය යුතු දේ උගන්වමින්, ඔවුන් පවුල් පිටින් විනාශයට යොමු කරවන බැවින්, ඔවුන්ගේ කට පියවිය යුතුව ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්