Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




2 කොරින්ති 8:3 - සිංහල කාලීන පරිවර්තනය

3 මන්ද ඔවුන් තමන්ට දීමට හැකි පමණින් හා දීමට හැකි පමණටත් වඩා වැඩියෙන් දුන් බවට සාක්ෂි දරන්නට මට පුළුවන. ඔවුහු ස්ව කැමැත්තෙන්ම

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

3 ඔවුන් සිය කැමැත්තෙන් ම ඔවුන්ට හැකි පමණින් හා ඊටත් වැඩියෙන් දුන් බව මම සහතික කොට කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ඔවුන් සිය කැමැත්තෙන් ම ඔවුන්ට හැකි පමණින් හා ඊටත් වැඩියෙන් දුන් බව මම සහතික කොට කියමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 මක්නිසාද, තමුන්ගේ පුළුවන්කමේ ප්‍රකාරයටත්, එසේය, ඊට වැඩියෙනුත්, ස්වකීය කැමැත්තෙන්ම ඔව්හු දුන්නෝයයි සාක්ෂිදෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




2 කොරින්ති 8:3
22 හුවමාරු යොමු  

එහෙත්, ඔබගේ අනුමැතියෙන් තොරව, කිසිත් කරන්නට මා කැමති නො වූයේ, ඔබ කරන යහපත බලයෙන් නො ව, ස්ව කැමැත්තෙන් කරන්නක් වන පිණිසයි.


මා ආ කල, සම්මාදම් එකතු කරන්නට සිදු නො වන පිණිස, හැම සතියකම පළමු දින ඔබ හැම කෙනකුම, තම ලැබීම් අනුව කොටසක් වෙන් කර, එකතු කර තබන්න.


එවිට ගෝලයෝ එකිනෙකා තම තමාගේ පුළුවන්කමේ හැටියට යුදයේ සිටි සහෝදරයනට සහනාධාර යැවීමට තීරණ කළහ.


මා එය කරන්නේ මගේම ස්ව කැමැත්තෙන් නම්, මට ඊට ත්‍යාගයක් ඇත. කැමැත්තෙන් නො වේ නම්, මා සිටින්නේ මට පැවරූ භාරකාරත්වයක් යටතේ ය.


විශ්වාසී භාරකරුවන් සේ සේවය කරමින්, ඔබ භාරයේ වෙසෙන දෙවියන්වහන්සේගේ බැටළු රැළ රැක-බලාගන්න; එය කළ යුත්තේ බලකිරීමක් නිසා නො ව, දෙවියන්වහන්සේ ඔබෙන් බලාපොරොත්තු වන පරිදි ස්ව-කැමැත්තෙනි; ලජ්ජා සහගත වාසියකට නො ව, සේවයට ලැදියාවෙනි;


යමෙක් වචනය කතා කරන්නේ නම්, ඔහු දෙවියන්වහන්සේගේ වචන කතා කරන්නකු ලෙස එය කළ යුතු ය. යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන්වහන්සේ සපයන ශක්තියෙන් ඔහු එය කළ යුතු ය. එසේ කළ යුත්තේ, හැම දේහිදීම යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් දෙවියන්වහන්සේ තේජෝමහිමයට පැමිණෙන පිණිස ය. තේජෝමහිමයත්, ආධිපත්‍යයත් සදහට ම උන්වහන්සේගේ ය! ආමෙන්.


කොතරම් අප ඔබට ප්‍රේමණීයව ඇලුම් වූයේ ද යත්, දෙවියන්වහන්සේගේ ශුභාරංචිය පමණක් නො ව, අපේ ජීවිත ද ඔබ හා බෙදා ගැනීමට අපි සතුටුව සිටියෙමු. ඒතරමට ඔබ අපට ප්‍රිය වූහ.


ඔබ උදෙසාත්, ලවොදිකයේ හා හියරපො‍ලිසෙහි අය උදෙසාත් ඔහු බොහෝ වෙහෙසෙන වගට මම සාක්ෂි වෙමි.


මන්ද තමන්වහන්සේගේ යහපත් අරමුණු ඉටු කරන්නට කැමති වීම හා එසේ කිරීම සඳහා ඔබ තුළ ක්‍රියා කරන්නේ දෙවියන්වහන්සේ ය.


හරි වැටහීමෙන් තොරව වුව ද, ඔවුන් දෙවියන්වහන්සේ වෙත දැඩි උද්යෝගයෙන් සිටින බවට මම ඔවුන් ගැන සාක්ෂි දරමි.


ඒ සොම්නසට මොකද වුණේ? කළ හැකි විණි නම්, ඔබගේ ඇස් වුව උගුලා මට දෙන්නට තරම් ඔබ ලෙන්ගතුව සිටි වග මට සහතික ය.


ඈ කළේ ඇයට කළ හැකි දේයි. භූමදානයට පෙර ඈ මගේ සිරුර සුවඳ ගල්වා, ආලේප කළා.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්